spot_img
spot_imgspot_img

පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්‍රියාත්මක වෙයි

පුවත්

විදෙස්

කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 09 වැනි දා විවිධ ප්‍රදේශවල සිදුවූ සිද්ධීන්වලට ද ඔවුන් පිරිස් කැඳවා ඇතැයි හෙතමෙ පවසයි.

එම සමාජ මාධ්‍ය ජලා ගිනුම් හා පිටු පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට පහරදුන් පුද්ගලයන් හෝ කොල්ලුපිටියේ මයිනාගෝ ගමට පහරදුන් පුද්ගලයන් හෝ සම්බන්ධයෙන් පොලිසිය මෙතක් ක්‍රියාකර ඇති බවක් දක්නට නැත. ඔවුන් පිළිබඳ ඡායාරූප සහ වීඩි‍යෝ දර්ශන පැහැදිලිව තිබිය දී පොලිසිය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් මෙතෙක් ප්‍රකාශ කර නැත.

1 COMMENT

  1. Ah, elle system change ne, alutha magule Ranil mahattheyage da oi system ekke dala tiyenne? Thagayo gahanda peni peni eddi kisima defence ekak dapu nathi policiye mulu set ekatamath oi neetiyama kriyakerepalla, mataka tiyaganda, neetiya araksha kerena mahatwarunta danduwama samanya janayata wada darunui, samaja madyata awurudu 5hata noawadi siradanduwam num ralahamila set ekke loku thane indanma awurudu 5ta noadue sira danduwan denda one! Ehema natnum oka hakula ganda thama kiyanda tiyenne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!