රට තුළ කලබලකාරී තත්වයක් ඇති වූ පසුගිය 09 වැනි දා අත්අඩංගුවෙන් මිදී පලාගිය සිරකරුවන් 26 දෙනකු මෙතෙක් බාර වී නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම සිරකරුවන්ට හැකි ඉක්මණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බාරවන ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන ්කරන්නේ තලංගම ප්‍රදේශයේ දී කලහකාරීන් පිරිසක් විසින් රැඳවියන් රැගෙන ගිය බසයක් නවතා සිරකරුවන්ට සහ ඔවුන් භාරව සිටි නිලධාරීන්ටත් බස් රථවලටත් පහර දී ඇති බවයි.
වටරැක බන්ධනාගාරයේ සිට වැඩසහන පදනම මත කොළඹ අවට ප්‍රදේශයේ වැඩබිම් සඳහා පැමිණ සිටි සිරකරුවන් 181 දෙනකු නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටිය දී එම පහරදීම සිදුවී ඇතැයි ද දෙපාර්තමේන්තුව පවසයි.
පලාගිය සිරකරුවන් සංඛ්‍යාව 58ක් බවත් මේ වනවිට ඉන් 32ක් බාර වී ඇති බවත් පවසයි.
පසුගිය 09 වැනි දා මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට පහරදුන් පිරිස අතර බන්ධනාගාර රැඳවියන් සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.
එම රැඳවියන් සඳහන් වීඩියෝවේ සඳහන් කළේ තමන් වැඩිබිම්වල සේවය කිරීම සඳහා රැගෙන එන බවයි. බස් රථයකින් රැගෙන ආ බව ද එම බසය නවතා ඇති බවද ඔවුන් පවසයි.
එදිනම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බන්ධනාගාර රැඳවියන් ප්‍රහාරය සඳහා යොදාගත්තාය යන්න අසත්‍ය පුවතක් බවයි. එම රැඳවියන් එවැනි කාර්යයක් යොදාගෙන නැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝ පටය අසත්‍යයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වටරැක බන්ධනාගාර වැඩ කඳවුරේ සිට වැඩ සහන ක්‍රමය යටතේ සිරකරුවන් දිනපතා බාහිර ඉදිකිරීම් සඳහා යොමුකරන බවයි. එම ඉදිකිරීම් සඳහා යොමුකරන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ බව ද ඔහු කියයි.
පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමේ අරමුණින් එම කාර්යය සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එලෙස එම කටයුතු අවසන් කර ඊයේ (09) දිනයේ නැවත වටරැක හෝමාගම බන්ධනාගාර කදවුරට නැවත පිටත් වු අවස්ථාවෙදී එම බස් රථ වලට ප්‍රකොප වු පිරිසක් පහර එල්ලකර ඇත.
එහිදි සිරකරුවන් පිරිසක් තුවාල ලබා රොහල්ගත කර ඇති අතර නිලධාරීන්ටද තුවාල සිදුවි ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මේ ඒ පිළිබදව අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක,
එදින බන්ධනාගාර රැඳවියන් රැගෙන ගියේ කොල්ලුපිටිය සිලාක් ආයතනයට රැඳවියන් 30යි, රාජගිරිය අයිකොනික් ආයතනයට රැඳවියන් 105යි, බත්තරමුල්ල මාගා ආයතනයට රැඳවියන් 96යි වශයෙන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය.