“දැන් මන්ත්‍රී වෙන්දේසිය පටන් අරන් තියෙන්නේ. මේකේ උඩින් රනිල් යටින් බැසිල්. මේවා දේශපාලන විගඩම්, ජනතාවට නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගන්න හැකි ඉක්මණින් අවස්ථාවක් ලබාදිය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (13) මාධ්‍ය හමුවේ තම පක්ෂය නව ආණ්ඩුව කෙරෙහි අනුගමනය කරන ස්ථාවරය පැහැදිළි කරමින් කීවේය.
“රනිල් වික්‍රමසිංහ ද පාර්ලමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා. මේක පවතින අර්බුද තවත් වැඩි කිරීමක් මිස සමනය කිරීමක් නෙවෙයි. ඒ නිසා අපි ඉක්මන් වෙන්න ඕනෑ නෑ බලාගෙන ඉමු. රනිල් ආර්ථිකය වැට්ටුව, මහ බැංකුව කැඩුවා, ජාතික දේපළ විකුණුව කියමින් බලයට පත්වූ අය රනිල් වික්‍රමසිංහ එක්කම ඔහුගේ කරට අත දාගෙන ආණ්ඩුවක් හදනවා. ඒ නිසා මේ අර්බුදය නිර්මාණය කළ අයගෙන් අපි මේ අර්බුදයට විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ අය අර්බුදය තවත් තීව්‍ර කරනවා. සමනය කරන්නේ නෑ. අපි හැකි ඉක්මණින් නව පාර්ලිමේන්තුවක් තෝරාපත්කර ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ ඒකට බයයි.”