ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව මැතිවරණය තරඟකර පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ඉදිරියේ දී ද ස්වාධීනව විපක්ෂයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.
මෙම තීරණයට එළැඹ ඇත්තේ අද (13) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
එහි දී රනිල් වික්රමසිංහ අගමැතිලෙස පත්කර කරගෙන යාමට උත්සාහ ගන්නා පාලනය කඩාකප්පල් කිරීමේ අරමුණින් කටයුතු නොකරන බවත්, පිහටුවාගන්නා පාලනය හොඳ දෙයක් කරනවා නම් ඊට සහයෝගය නොදී වෛරී දේශපාලනයක් කිරීමේ අපේක්ෂාවක් නොමැති බවත් විමල් වීරවංශ මන්ත්රීවරයා පවසා තිබේ.
එමෙන් ම රට ආරාජික වීමට ඉඩ නොදෙන බවත් එම පක්ෂ පවසයි.