spot_img
spot_imgspot_img

“නව අගමැති මේ සතියේ පත්කරනවා. පාර්ලිමේන්තුවට වැඩි බලතල, විධායක අහෝසි කරනවා” – ජනපති ජාතියට කියයි

පුවත්

විදෙස්

මේ සතියේ දී නව අගමැතිවරයකු පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ජාතිකය අමතමින් කියා සිටියේය.

පාර්ලමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත්, රටේ ජනතාවට ද වැඩි විශ්වාසයක් ඇති පුද්ගලයකු ඒ සඳහා පත්කරන බව ද ජනාධිපතිවරයා කීවේය.

එමෙන් ම පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන පරිදි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයන් ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවත් ජනාධිපතිවරයා අද (11) ජාතිය අමතමින් ජනතාවට නව පොරොන්දුවක් දුන්නේය.

ඊට අමතරව බොහෝ පාර්ශව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින බැවින් ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා ‍කීවේය.

ජනාධිපතිවරයා මේ කරුණු ප්‍රකාශ කරමින් ජාතිය ඇමතීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ පැය තුනකට ආසන්න කාලයක් ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාවක් ද පවත්වා තිබිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!