spot_img
spot_imgspot_img

පුද්ගලික යානා කිහිපයක් පිටත්වීමට සූදානමින්

පුවත්

විදෙස්

කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළවල පුද්ගලික ගුවන් යානා කිහිපයක් ඕනෑම මොහොතක දිගු පියාසැරියකට සූදානමින් ඇතැයි වාර්තා වේ.

නයිජීරියාවෙන් මෙරටට පැමිණි BSC 4024 නමැති යානය මේ වනවිට පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම යානය මීට සතියකට පෙර ද කිසිදු පූර්ව සැළසුමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ ආපසු ගොස් ඇති අතර මෙවර ද පූර්ව සැළැස්මක් නැතිව ශ්‍රී ලංකාවට පැමිණ ඇත. නමුත් එම යානය පිටත්ව යන ස්ථානයක් හෝ වේලාවක් ගැන කිසිදු සඳහනක් තිබුණේ නැත.

ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවයි. එය අද (10) ආපසු පිටත්ව ගිය බව ද එහි කිසිදු දේශපාලකයකු හෝ ගමන් නොකළ බව ද දැනගන්නට ඇත. නමුත් එහි ගෙන ගිය භාණ්ඩ පිළිබඳ තහවුරුකරගැනීමට මෙතෙක් නොහැකි විය.

මේ අතර අද (10) කොළඹ ෂැංග්‍රිලා ‍හෝටලියෙන් සහ පොලිස් උද්‍යානයේ සිට හෙලිකොප්ටර් යානා දෙකක් පිටත්ව ගිය අතර ඒවායේ ගමන් ගත්තේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිවෙකුත් දන්නේ නැත. අලුයම හෙලිකොප්ටර් යානා දෙකකින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගිය බව මේ වනවිට සනාථ වී තිබේ.

මේ වනවිට පුද්ගලික ගුවන් යානා සූදානම්ව ඇත්තේ ප්‍රභූවරු කිහිප දෙනකුට රටින් පලායාමට යැයි ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!