ඉතා භයානක තත්ත්වයක්. සෞඛ්‍ය අංශ පාලනය ගිලිහෙයි ?

0
751

ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා පැතිරී‌මේ වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කොරෝනා දෙවැනි රැල්ල මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් ආරම්භ වී පෑලියගො මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අනු පොකුරක් නිර්මාණය වී ඇති බවත් එමගින් කොරෝනා ආසාදිතයන් දිවයින පුරාම පැතිරයමින් පවතින බවත් ඒ මහතා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනකු ද වාර්තා වී ඇති බවයි.

“ මෙය ඉතාමත් භායානක තත්ත්වයක් මිනුවන්ගො පොකුර නිසා ඇතිවූ බව සැළකෙන පෑලියගොඩ අනු පොකුර නිසා දැන් රට පුරා සෑම ප්‍රදේශයකින් ම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙනවා. දැන් තිබෙන ලොකුම ගැටලුව වෙන්නේ තමන්ට කොරෝනා ආසාදනය වූ‌යේ කවර ආකාරයකින්ද ස්ථිරවම කිව නොහැකි රෝගීන් කිහිප දෙනකු ද වාර්තා වෙමින් තිබීම. ඒ නිසා මේ තත්ත්වය ඉතා භයානකයි. අපි මීට පෙර එවැනි අවදානම් තත්ත්වයකට පත්වුණේ නැහැ. කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයේ පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවක් ද පෙනෙනවා. අපි එය රැක ගැනීමට ආරක්ෂක අංශ සමඟ එක්ව දැඩි පරිශ්‍රමයක් දරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here