spot_img
spot_imgspot_img

“සර්ව පාක්ෂික අන්තර් පාලන කතා විහිළුවක්” – ටිල්වින්

පුවත්

විදෙස්

වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුව ඉවත්වීම හැර අන්තර්කාලීන හෝ කුමන ආකාරයේ හෝ ආණ්ඩුවක් ගැන සිතා වැඩක නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ආන්තර්කාලීන ආණ්ඩුව යනු විහිළුවක් බවයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමතිවරු තියාගෙන හදන අන්තර්කාලීන ආණ්ඩු ප්‍රයෝජනයක් නැතැයි ඔහු පෙන්වා දෙයි.

ජනතාව සති ගණනාවක සිට වීදි බැස වසන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බවත් එම ජනතා අරගලයට සවන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කර කවර නම් විසඳුමකට යා හැකි ද යන්න ගැටලුවක් බවත් ටිලිවින් සිල්වා වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ම කණ්ඩායම අතර සමගියක් ගොඩනගා ගැනීමට නොහැකිව තිබිය දී සර්ව පාක්ෂික ආණ්ඩු සෑදිය නොහැකි බවත් එවැනි දේ කතා කිරීම පවා විහිළුවක් බවත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!