ත්‍රිකුණාමලය මහ දිසාපති සමන් පාඬිකෝරාළ

0
368

ත්‍රිකුණාමල දිස්ත්‍රික් නව දිසාපති හා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඬිකෝරළ අද (26) වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් දර්ශන පාඬිකෝරාළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1991 වර්ෂයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණක පරීක්ෂක ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඔහු 1997 වසරේ ප්‍රථමයෙන්ම ගණකාධිකාරි විභාගයට ඉදිරිපත් වෙමින් එම සේවයට සම්බන්ධ වූවේය.

1998 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ හෙතෙම ගාල්ල බෝපේ පෝද්දල, අක්මීමන, හබරාදූව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි කර පසුව දකුණු පළාතේ පළාත් පාලන සහකාර කොමසාරිස් ලෙසත්, දකුණු පළාත් කොමසාරිස් ලෙසත්, දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙසත් සේවය කර ඇත.

එමෙන්ම ඔහු දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ම ඔහු මීට පෙර ලේකම් ධූරය දැරීය.

උත්සව සභාව අමතා නව දිසාපතිතුමා මෙලෙස අදහස් පල කලේය. ” පළමුවත්, දෙවනුවත් හා තුන්වනුවත් මා ජනතාවට සේවය කිරීම සඳහා බැඳී සිටිනවා. දකුණු පළාත් ජනතාවට මා උපරිම ලෙස සේවය කළා. එම සේවය ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජනතාව උදෙසා සිදු කිරීමටත් කැපවී කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි.

ඒ කර්තව්‍යය සඳහා සියළුම දෙනා මා හා එක්ව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ජනතාවගේ ප්‍රශ්න හා අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම අත්‍යවශ්‍යයි. ඒවගේම ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන විවිධ ව්‍යාපෘති සකස් කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගනිමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. නීතිය ආරක්ෂා කරගනිමින් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීම ප්‍රමුඛ කාර්යයක්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අනෙකුත් දිස්ත්‍රික් වලට සාපේක්ෂව සියළුම අංශවලින් උසස් මට්ටමට ඔසවා තැබීමට මම මගේ ධූරකාලය තුළ දී ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා”.

මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කපිල නුවන් අතුකෝරාල, නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී මදනායක ඇතුළු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.

දකුණු පළාත් සභාවේ මාණ්ඩලික නිලධාරී නිලධාරිනියන් රැසක් ද පාඬිකෝරාළ මහතාගේ පවුලේ සාමාජිකයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here