spot_img
spot_imgspot_img

ජනපතිට ඉවත්වන්නැයි බලකරමින් 70 ලක්ෂයක මහජන පෙත්සමක්

පුවත්

විදෙස්

ජනතා විරෝධතා නොතකා හරිමින් දිගින් දිගටම බලයේ සිටිමට උත්සාහ කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහා ඉවත් වන ලෙස බලකරමින් හැත්තෑ ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරිම  අද (21) දිනෙන් ආරම්භ කරන ලදි. එය සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන අතර ගාල්ල නගරයෙන් අත්සන් ගැනිම ආරම්භ විය.

මේ සම්බන්ධව අදහස් දැක්වු සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ සඳහන් කලේ  ආණ්ඩුව බලයට පත්කල 69 ලක්ෂයේ ජනවරම නිශේද කරන 70 ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කරන බවයි. එම මහජන පෙත්සම ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, මෙරට ආගමික නායකයින්ට මෙන්ම විදේශ තානාපති කාර්යාලවලටද ලබාදෙන බවත්, වත්මන් ආණ්ඩුවට බලයේ සිටිමට ජනවරමක් නැති හෙයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස නොපිලිගන්නා ලෙස ඒ සැමගෙන් ඉල්ලා සිටින බවත්  සඳහන් කලේය. එතෙක් ධුරයේ රැදි නොසිට නම්බු පිටින් ඉල්ලා අස්විම සුදුසු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles