spot_img
spot_imgspot_img

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු අයිතිය නොසළකා හරී. අකාර්යක්ෂමතාව නිදහසට කරුණක් කරගෙන

පුවත්

විදෙස්

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය 2016 අංක 12 දරණ තොරතුරු පනතේ සඳහන් කරුණු නොතකා මහජන අයිතීන් උල්ලංඝනය කරමින් සිටී.

ඔවුන් මේ සඳහා නිදහසට කාරණයක් ලෙස පවසන්නේ අදාල තොරතුරු ලබාදිය යුතු කලාප කාර්යාලයේ අදාල අංශය වෙතින් එම තොරතුරු ලැබීම ප්‍රමාද වන බවයි.

නමුත් එය තොරතුරු ඉල්ලා සිටි පුරවැසියකුට අදාල නැත.

ගාල්ල කාර්යාලයේ එක් අංශයකින් අනෙක් අංශයට අදාල තොරතුරු නොලැබීම‍ හේතුවෙන් තොරතුරු ලබාදීමට නොහැකිවන බවයි.

අප විසින් ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පහත සඳහන් තොරතුරු 2022 මාර්තු මස 21 වැනි දින අතින් ගෙන ගොස් භාරදුන් ලිපියක් මගින් ඉල්ලා ඇත.

  1. ගාල්ල කලාපය තුළ පිහිටි පාසල් ආරම්භ කරනු ලබන වේලාව කුමක්ද ?
  2. පාසල් ආරම්භයට පෙර ගාල්ල අධ්‍යාපන කලාපයේ බහුතරයක් පාසල්වල උදෑසන වැඩසටහන් යනුවෙන් සඳහන් කරමින් පිරිත් දේශනා, ගීත වාදනය කිරීම් සහ ජාතික ගීය ප්‍රචාරය වෙයි. මෙලෙස උදෑසන වැඩසටහන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හෝ, කලාප අධ්‍යාපන කාර්යාලය විසින් හෝ යම් උපදෙස් මාලාවක් හෝ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ ද ?
  3. එසේ නිකුත්කර ඇත්නම් එහි පිටපතක් අවශ්‍යකර තිබේ. එය ලබාදෙන මෙන් ඉල්ලමි.
  4. එලෙස උදෑසන වැඩසටහන් විකාශය කිරීම සඳහා උපදෙස් දී ඇත්නම් විකාශය කරන ලෙස දැනුම් දී ඇත්තේ කවර නම් වූ වැඩසටහන් ද ?
  5. එම වැඩසටහන් විකාශය ආරම්භ කිරීමට නියම කර ඇති වේලාව සහ අවසන් කිරීමට නියම කර ඇති වේලාව කවරේ ද ?
  6. එලෙස උදෑසන වැඩහටහන් සඳහා විකාශය කිරීමට නියමකර ඇති වැඩසටහන් (පිරිත් දේශනා, ගීත, ජාතික ගීය) සපයා ඇත්තේ කවර නම් ආයතනයක් හෝ බල අධිකාරියක් මගින් ද ?

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනව එම තොරතුරු කාර්යාල වැඩකරන දිනයන් 14ක් ඇතුළත ලබාදිය යුතුය.

නමුත් තොරතුරු නොලැබුණු බැවින් අපි ඊයේ (20) ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ තොරුතුරු නිලධාරීට ඇමතුමක් ගත් විට පිළිතුරු දුන් පරිපාලන නිලධාරිනිය කියා සිටියේ තම කාර්යාලයේ අදාල අංශයෙන් එම තොරතුරු ඉල්ලා ඇතත් එය හෙට දිනයේ දී ද නොලැබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ප්‍රමාද වන බවයි.

ඕනෑම රාජ්‍ය ආයතනයක සිටින්නේ එක් තොරතුරු නිලධාරියෙක් හෝ නිලධාරිනියක් පමණි. යම් පුරුවැසියකු තමන්ට පනතින් හිමිවන අයිතිවාසිකම අනුව තොරතුරු ඉල්ලා සිටි විට එම කාර්යාලයේ ඕනෑම අංශයක් සතුව ඇති තොරතුරු ලබාදීමට තොරතුරු නිලධාරී බැඳී සිටියි. නමුත් ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ තොරතුරු නිලධාරී මෙම පනත උල්ලංඝනය කරමින් කටයුතු කරයි.

අදාල ඉල්ලීම භාරදුන් මාර්තු 21 වැනි දිනයත් නොසළකා හැරියහොත් තොරතුරු ඉල්ලිමේ අයදුම්පත්‍රය භාර දී දින 14 පසුවන්නේ පසුගිය අප්‍රේල් 08 වැනි දා ය. නමුත් 19 වැනි දා මේ ගැන දුරකථනයෙන් හෝ විමසන තුරු අධ්‍යාපන කලාප කාර්යාලය ඒ සම්බන්ධව කිසිම ප්‍රතිචාරයක් දක්වා නැත. අවම වශයෙන් තොරතුරු ලබා දීම සඳහා අතිරේක දින 07ක් අවශ්‍ය බවට හෝ ලිපියක් එවා නැත. ඒ බව ද පරිපාලන නිලධාරිනිය පිළිගත්තාය.

(සජීව විජේවීර)

1 COMMENT

  1. ඕකේ ඉන්න උන් ඔහොමමයි. මේ සෙක්ශන් එකෙන් අර සෙක්ශන් එකට බනිනවා. ඒ සෙක්ශන් එකෙන් මේ සෙක්ශන් එකට බනිනවා. උඩ තට්ටුවෙන් පල්ලෙහා තට්ටුවට බනිනවා, පල්ලෙහා තට්ටුවෙන් උඩ තට්ටුවට බනිනවා. පියන් කෙනෙක් නැත්නම් මේ මේසේ තියෙන ෆයිල් එක එහා මේසෙට ගිහින් දෙන්නෙ නෑ. හරි කරල දෙන්නම් දවස් දෙක තුනකින් එන්න කියනවා. ඒ ගියහමත් එහෙමයි. තමන්ට තමන් කරන රාජකාරිය අප්‍රිය කරගෙන කොහොම උජාරුවට ඇඳපැලඳ ගෙන වැඩට එනවද මන්දා. මාසෙ අන්තිමට පඩිය අරන් හිතෙන්නෙ නැද්ද මම මේ පඩියට සාධාරණයක් කලාද කියලා… මුන් තමයි රටට බරක් උන රාජ්‍ය සේවකයෝ…😡😡😡

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!