spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයා මැරූ පකිස්තානුවන්ට මරණ දඬුවම් නියම කරයි

පුවත්

විදෙස්

පසුගිය දෙසැම්බර් මාසයේ දී ලාහෝර්හි දි ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 06 දෙනකුට එරට අධිකරණය මගින් මරණ දඬුවම් නියමකර තිබේ.

තවත් විත්තිකරුවන් 07 දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර 76 දෙකුට වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කර ඇත.

එක් සැකකරුවකු පමණක් නිදොස් කොට නිදහස් කළ බව එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති ආයතනය වාර්තා කරයි.

එරට ඇඟළුම් ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත 49 වැනි වියේ පසු වෙද්දී 2021 දෙසැම්බර් 03 වැනි දින ඔහු සේවය කළ කම්හලේ කම්කරුවන් ඇතුළු නාදුනන මිනිසුන් සිය ගණනක් විසින් පහර දී ඝාතනය කර සිරුරට ද ගිනි තබා තිබිණි.

පකිස්තානයේ විශේෂ ත්‍රස්ත විමර්ශන අධිකරණය මාර්තු 12 වැනි දා විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි. නඩු විභාගය ලාහෝරිහි කොට් ලක්පට් බන්ධනාගාරයේ දී සිදුකෙරිණි.

සියල්කොට් හි වසිරාබාද් මාර්ගයේ දී මේ බිහිසුණු ඝාතනය සිදුකෙරුණු අතර ඔහුට පහර දී ඝාතනය කරන පුද්ගලයන් තම අනන්‍යතාව සැඟවීමට කිසිදු උත්සාහයක් දරා තිබුණේ නැත. ඇතැම් අය ගිනිගෙන දැවෙන මළ සිරුර ඉදිරිපිට සිට සෙල්ෆි ඡායාරූප පවා ගෙන තිබිණි.

https://tribune.com.pk/story/2353165/six-awarded-death-penalty-in-sri-lankan-citizens-mob-lynching

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!