-2.1 C
New York

බෝපේ පෝද්දල සභා රැස්වීමේ වාර්තාව විකෘති කරලා. කොරෝනා මරණයක් දේශපාලන බලෙන් ගෙදර ගෙනගිය කතාව හැළේ

Published:

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. නමුත් දේශපාලන බලපෑමෙන් එම පුද්ගලයාගේ මළ සිරුර නිවසට රැගෙන ගොස් පුද්ගලික ඉඩමක භූමදාන කළ බවට rata.lk මගින් කරන ලද හෙළිදරව්ව ගැන උරණ වූ සභාවේ නියෝජිතවරු මාර්තු 16 වැනි දා පැවැති මාසික සභා රැස්වීමේ දී මාධ්‍ය සදාචාරය ගැන ද විවරණය කරමින් කරුණු දැක්වූහ.

එම පුද්ගයාගේ මරණ කොරෝනා මරණයක් බව අනාවරණය කළ පළමු ලිපිය මෙතැනින්.

එම කරුණු දැක්වීමේ දී ද සභාපති දිල්රුක් අබේකෝන්, මහජන නි‍යෝජිතවරුන් වන ජේ.ඒ.චන්ද්‍රකුමාර, උඳුල විශ්වජිත් ජයනෙත්ති සහ රංගනී කුමාරි යන අයගේ කතාවල දී ඔවුන් වෛද්‍යවරුන්ට දේශපාලන බලපෑම් කළ ආකාරයත් එලෙස ම එවකට හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ලවා ද වෛද්‍යවරුන්ට බලපෑම් කළ ආකාරයත් පැහැදිළිව සඳහන් කෙරිණි. එම කතාවල සම්පූර්ණ පටිගත හඬ අප සතුව තිබේ.

ඒ බව එදිනම අපි වෙබ් අඩවියේ පළ කළෙමු. එම පුවත සම්පූර්ණයෙන් මෙතැනින්.(හඬ පට ද සහිතයි)

එසේ මහජන නියෝජතිවරු විසින් මාධ්‍යවේදීන්ට ද චෝදනා කරමින් ඉදිරිපත් කරන ලද කරුණු පසුගිය මාර්තු 16 වැනි දා පැවැත්වූ සභා රැස්වීමේ වාර්තාවෙන් ඉවත්කර ඇත.

එම වාර්තාව මේ වනවිට සියලුම මහජන නියෝජිතවරුන් වෙත ලැබී ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී එ බව තහවුරු කරගත හැකිවිය.

සභා වාර්තාව සැකසීමේ වගකීම ඇත්තේ සභාවේ ලේකම්වරයාටය. ලේකම්වරයා යනු රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සභා රැස්වීමේ වාර්තාවේ අඩංගු විය යුතු කරුණු සාරාංශගත කර හෝ සටහන් නොකරමින් මෙලෙස සම්පූර්ණයෙන් ම ඉවත්කිරීම ගැටලුවකි.

Related articles

Recent articles

spot_img