spot_img
spot_imgspot_img

හදිසි නීතිය, හදිසියේ ම ඉවත්කරයි. ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

පුවත්

විදෙස්

රට පුරා පනවා තිබූ හදිසි නීතිය අද (05) මධ්‍යම රාත්‍රිියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2274/10 යනුවෙන් සඳහන් එම ගැසට් නිවේදනයේ මෙලෙස දැක්වේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ වන මම, (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, එහි ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන 2022 අප්‍රේල් මස 01 වන දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ ම ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද ප්‍රකාශය 2022 අප්‍රේල් මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙයින් ප්‍රත්‍යාදිෂ්ඨ කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!