spot_img
spot_imgspot_img

කාන්තාවන් ගෙන් ඥානක්කා බේරාගැනීමට දැඩි පොලිස් ආරක්ෂාවක්

පුවත්

විදෙස්

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් විරෝධතාවක නිරත කාන්තාවන් පිරිසක් අනුරාධපුරයේ ඥානක්කා නමින් ප්‍රසිද්ධ සාස්තරකාරියකගේ නිවස දෙසට පැමිණෙන බවට ලැබී ඇති තොරතුරක් හේතුවෙන් මේ වනවිට එම සාස්තරකාරියගේ නිවස අසළ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

කැරළි මර්ධන ඒකක පවා, අනුරාධපුරයේ පිහිටි එම සාස්තරකාරියගේ නිවස අවට සූදානමින් තබා ඇත.

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලකයන් රැසක් මෙම සාස්තරකාරිය හමුවට නිතර නිතර යන අතර බොහෝ දෙනකු චෝදනා කරන්නේ ඇයගේ උපදෙස් මත රටේ දේශපාලන දිසානතිය තීරණය වන බවයි. මේ වනවිට ඇයට වැව්වල ජල පෝෂකයන්හි මෙන්ම රක්ෂිත භූමිවල ඉදිකිරීම් සහ ඛනිජ කැණීම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ආණ්ඩුවේ ඉහළ දේශපාලකයන්ගේ සහායෙන් ඇය මේ අනවසර කටයුතුවල යෙදෙන බව ද පැවසේ.

ලොව පුරා මනෝ විද්‍යාඥයයන්ගේ මතය වන්නේ සාස්තර කීම යනුවෙන් හඳුවන්නේ එක්තරා මානසික ව්‍යාධියක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!