ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයන්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවරයෝ අද (01) ගාල්ල ප්රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූ හ.
ඔවුන් මාගාල්ල ධීවර වරාය අසළ සිට පා ගමනින් ගාල්ල නගරයට කෑ කෝ ගසිමින් පැමිණ උද්ඝෝෂණයේ නිරතවූහ.
එම අවස්ථාවේ දී උසස් පොලිස් නිලධාරියකු විසින් ධීවරයකු අල්ලාගැනීමත් සමඟ ධීවරයන් හා පොලිසිය අතර ගැටුමක් දක්වා දුරදිග යාමක් සිදුවුව ද දෙපාර්ශවය ම එය සමථයකට පත්කරගැනීම කැපී පෙණිනි. ටික වේලාවකින් ධීවරයෝ මාතර ප්රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කර විරෝධතාවයක නිරත වෙති.
ටික වේලාවකින් ඔවුහු යළි පා ගමනින් ධීවර වරාය දෙසට ගියහ.


