කහවත්තේ පැවැති දේශපාලන රැළියකට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනකුට තුවාල කිරීම සම්න්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු කණ්ඩායම අද සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.
මෙලෙස නිදහස් කරන ලද අනෙක් පිරිස වන්නේ සබරගමුව පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන දෙදෙනාය.
මෙම තීන්දුව ලැබීමත් සමඟ ඔවුන් තිදෙනා අද වැලිකඩ බන්ධනාගාරයේ සිට නිවෙස් බලා පිටත්ව ගියහ.
2015 පැවැති ජනාධිපතිවරණයේ දී එවකට පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රචාරක රැළියේ දී මෙම ඝාතන සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ල කෙරිණි.
ප්‍රේමලාල් ජයසේකර පසුගිය මහ මැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය.