spot_img
spot_imgspot_img

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ දී

පුවත්

විදෙස්

Australian Education Expo (AEE)  අධ්‍යාපනික ප්‍රදර්ශනය මාර්තු මස 12 සහ 13 දෙදින කොළඹ One Galle Face පරිශ්‍රයේ දී පැවැත්වෙයි. Edith Cowan University (ECU) සහ Australian College of Business and Technology එක්ව මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කර ඇත. එය උදෑසන 8.30 සිට සවස 7.00 දක්වා පැවත්වෙයි.

Edith Cowan විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ සිටම ඕස්ට්‍රේලියානු උපාධියක් හැදෑරීම සම්බන්ධ කරුණු දැනගැනීම සඳහා සිසුන්ටත් දෙමාපියන්ටත් මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.

Edith Cowan විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් ඇති විශ්ව විද්‍යාල අතරින් එකකි. මේ වනවිට 30,000 කට අධික සිසුන් පිරිසක් එහි ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන අතර, වසරකට රටවල් 100 කට අධික සංඛ්‍යාවක සිසුන් 6,000 කට අධික පිරිසක් එහි පාඨමාලා සඳහා ලියාපදිංචි වෙති. කලා සහ මානව ශාස්ත්‍ර, ව්‍යාපාර හා නීතිය, අධ්‍යාපනය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය ක්ෂේත්‍ර සහ සෞන්දර්ය කලා වැනි විෂය ක්ෂේත්‍ර රාශියකට අයත් පාඨමාලා Edith Cowan විශ්ව විද්‍යාලයේදී හැදෑරීමට අවස්ථාව හිමි වේ.

Edith Cowan විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශ ප්‍රධානී හෙලන් වෙල්ලා බොනවිටා මෙසේ පැවසුවා ය.

“කොළඹදී පැවැත්වෙන AEE අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මේ ප්‍රදර්ශනයේදී අපගේ කුටිය වෙත පැමිණ, අපගේ විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් ඔබ සියලුම දෙනාට ආරාධනා කිරීමට අප කැමතියි.”

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කරන ලද සිව්වැනි නියෝජිත අධ්‍යාපන ආයතනයයි. එහි ලියාපදිංචි වීම මගින් ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටදී ම ඕස්ට්‍රේලියානු උපාධි ඇතුළුව ජාත්‍යන්තර පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. මේ වනවිට එම ආයතනය Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) වැනි පාඨමාලා රාශියක් මෙරටට හඳුන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!