spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ පහළ බැසීමෙන් ආයෝජකකයෝ පාඩු ලබති

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 32,824ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,500ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 359කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,633ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 509
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 295
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 154

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 29
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 20
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූ ඩයමන්ඩ් සමාගම (X) 33%
  • සීඑෆ්අයි සමාගම 12%
  • ලාෆ් පවර්  සමාම 10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 469
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 378
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  195

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් ලක්ෂ 05ක්, රුපියල් 59.50 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 101ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 34ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 67ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 37
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 34
  • ඇක්ස්හෝල් සමාගම රුපියල් මිලියන 05
  • සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 04
  • ප්‍රින්ට් කෙයාර් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 15
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 03
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 02
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 01
  • අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!