spot_img
spot_imgspot_img

rata.lk හෙළිදරව්වෙන්, හල්දුම්මුල්ලේ රාජ්‍ය සේවකයන්ගේ සෙල්ලම නවතී. හෙට සහ අනිද්දා කාර්යාලය සේවයට

පුවත්

විදෙස්

රාජකාරී වේලාවේ දී තමන්ට නියමිත රාජකාරී පසෙක තිබිය දී, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්සංවිධානය කර තිබූ ක්‍රීඩා උත්සවය බදුල්ල දිසාපති දමයන්ති පරණගමගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.

මෙම ක්‍රීඩා උත්සවය හෙට (10) අනිද්දා (11) සහ සෙනසුරාදා (12) දින තුනේ දී හල්දුම්මුල්ල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

අප rata.lk විසින් කරුණු සොයා බැලීමේ දී අනාවරය වූයේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ක්‍රීඩා තරඟාවලියක් ඉලක්ක කරගෙන මෙම ක්‍රීඩා තරඟය සංවිධානය කරන බවයි. මේ බව එම කාර්යාලයෙන් විමසූ විට කියා එහි ප්‍රකාශිකාවක කියා සිටියේ හෙට (10) උදෑසන සිට තරඟ උත්සවය පැවැත්වෙන බවයි.

රාජකාරී වේලාවේ දී මහජන කටයුතු පසෙක තිබිය දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරී නිලධාරිනියන් මෙලෙස කටයුතු කිරීම රාජකාරී පැහැර හැරීමක් බැවින් අපි ඒ පිළිබඳ බදුල්ල දිසාපතිනියගෙන් විමසූ විට ඇය කියා සිටියේ ක්‍රීඩා තරඟ පැවැත්වීමට උපදෙස් දී ඇත්තේ රජයේ නිවාඩු දින සහ සෙනසුරාදා ඉරිදා දිනවල දී පමණක් බවයි.

රාජකාරී පැවතිය යුතු දින දෙකක එම තරඟ පැවැත්වෙන බව නොදන්නා බැවින් වහාම එය නතර කිරීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියාය. එලෙස ම ක්‍රියාත්මක වෙමින් දිසාපතිනිය එම තරඟාවලිය අවලංගු කරන්න යැයි උපදෙස් දී තිබේ.

මේ පිළිබඳ නැවත හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට කියා සිටියේ ඉහළින් ලැබුණු නියෝගයක් හේතුවෙන් එම ක්‍රීඩා තරඟාවලිය අවලංගු කර බවයි.

අප මීට පෙර පළකරන ලද පුවත මෙතැනින් “රාජකාරී පැත්තකින් තබා සෙල්ලමට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!