“ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවක්” ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන බව තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ මූල්‍ය සහ තාක්ෂණික සහාය ඇතිවය.
තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ පුද්ගල ජෛවමිතික දත්ත මත පදනම් වූ පුද්ලික අනන්‍යතා සත්‍යාපන උපාංගයක්, අන්තර්ජාල භාවිතයෙන් පුද්ගල අනන්‍යතා නියෝජනය කළ හැකි මෙවලමක් මෙහි දී භාවිතා කරන බවයි. එමගින් පුද්ගල අනන්‍යතාව හඳුනාගැනීම සදහා ඩිජිටල් ආකෘතියක් ගොඩනැගෙනු ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයන (ICTA) විසින් ඉන්දියාවේ මූල්‍ය සහ තාක්ෂණික සහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඉන්දියාවෙන් ලැබෙන තාක්ෂණික හුවමාරුව අනුව ඉන්දියාවේ Adhaar පුද්ගල අනන්‍යතා කාඩ්පත අනුකරන කිරීමට මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
ඉන්දියාවේ ආධාර් කාඩ් පතෙහි ඉලක්කම් 12කින් යුතු අනන්‍යතා අංකයක් තිබේ. එරට පුරවැසියන්ගේ ජෛවමිතික සහ ජනගහන දත්ත මත එම කාඩ්පත නිර්මාණය වන අතර ඔවුන්ට ස්වේච්ඡාවෙන් ම එය ලබාගැනීමට අවස්ථාව ඇත. එරට මූල්‍ය පහසුකම්, සහනාධාර ලබාදීම්, අනෙකුත් ප්‍රතිලාභ සහ සේවා සැපයීම් ඉලක්ක කරගෙන ආධාර් කාඩ්පත නිර්මාණ්‍ය වී තිබේ. 2016 වර්ෂයේ ආධාර් පනතේ විධිවිධාන අනුගමනය කරමින් 2009 වර්ෂයේ දී පිහිටුවන ලද ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් දෙන ලද තීන්දු කිහිපයක් අනුව ආධාර් කාඩ්පත සකසා ඇත.
කෙසේ වෙතත් ස්වේච්ඡාවෙන් මෙම කාඩ්පත ලබා නොගන්නා අය සඳහා සේවා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියානු රජයට අවසරයක් නැත.
2017 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ගැටලුව සම්බන්ධයෙන් කලින් දුන් තීන්දු ප්‍රතික්ෂේප කරමින් පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කරමින් තීන්දුවක් ලබා දී තිබේ. පෞද්ගලිකත්වය නිරීක්ෂණ සහ සුබසාධන ප්‍රතිලාභවලින් බැහැර කිරීම ඇතුළු විවිධ හේතුමත පදනම් වලංගුභාවය සම්බන්ධ ඉදිරිපත් වූ පැමිණිලි රැසක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරන ලදී. බැංකු ගිණුම් ආරම්භ කිරීමට, ජංගම දුරකථන අංකයක් ලබාගැනීමට හෝ පාසලකට දරුවන් ඇතුළුකරගැනීමට ආධාර් කාඩ්පත අනිවාර්යය නොවන බව ඉන්දීය අධිකරණය ද නියම කර තිබිණි.
ඉන්දියානු අත්දැකීමෙන් පෙන්නුම් කරන්නේ, ස්වාධීන සහ ක්‍රියාකාරික අධිකරණයක් ඇති රටක පවා පුරවැසියන්ගේ ඩිජිටල් සහ ජෛවමිතික තොරතුරු අපයෝජනයක් සිදු නොවන බව සහතික කිරීම සඳහා දැඩි විශ්වාසයක් තිබිය යුතු බවයි.
විධායක ක්‍රමයක් ඇති ශ්‍රී ලංකාවේ සිදුවන ජනතා නිදස සීමා කරන ක්‍රියාමාර්ග, දූෂණ වංචා සහ අපචාර පරීක්ෂා කිරීමේ ඉතිහාසය තුළ ඉන්දියාවේ වැනි අධිකරණයක් ශ්‍රී ලංකාවට තිබේ ද යන්න ගැටලු සහගතය.
එමෙන් ම ශ්‍රී ලංකා රජයට පුරවැසියන්ගේ පුද්ගලික සහ පුද්ගල දත්ත අපයෝජනය කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇත. 1983 සංහාරයේදී ජනවාර්ගික දෙමළ ජාතිකයන් හඳුනාගැනීම සඳහා ඡන්ද නාමලේඛන භාවිතා කිරීමේ සිට මෑතදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ දුරකථන වාර්තා පොලිසියට ලබා ගැනීම දක්වා අධිකරණ නියෝගයක් නොමැතිව පවා ශ්‍රී ලංකා රජය තම පුරවැසියන්ගේ එවැනි දත්ත සහ තොරතුරු ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලභාවය, ආචාර ධර්ම හෝ නිසි සැලකිල්ලකින් තොර ක්‍රියාවලීන් භාවිතා කරමිනි.
ප්‍රවේශම් සහගත කාර්යයක් විය යුතුය
රජයන් විසින් එවැනි ඩිජිටල් හඳුනාගැනීමේ ක්‍රම භාවිතා කරන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා පුද්ගලිකත්වය සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී තිබේ. ත්‍රස්තවාදී සැකකරුවන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සංවර්ධිත රටවල මෙවැනි තාක්ෂණයන් භාවිතා කර ඇත. පොදු ස්ථානවල තබා ඇති Close Circuit Television හෝ CCTV කැමරා, නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට උනන්දුවක් දක්වන පුද්ගලයන් හඳුනා ගැනීමට මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතා කරයි. එවැනි නිරීක්ෂණවල අධික ආක්‍රමණශීලී ස්වභාවය හේතුවෙන්, මෙම තාක්ෂණයන් අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට එරෙහිව විරෝධතා ද වරින් වර ඇතිවිය.
තාක්‍ෂණයේ දියුණුව වඩාත් සාදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකාව නිසැකවම එවැනි දියුණුව වැළඳ ගැනීමට අවශ්‍ය බව අපගේ අදහසයි. එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය ප්‍රතිපත්ති, නෛතික සහ ක්‍රියා පටිපාටි ආරක්‍ෂාව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. 2016 දී ඉන්දියාවේ සම්මත වූ පරිදි මේ සම්බන්ධයෙන් පැහැදිලි නීති සම්පාදනයක් තිබිය යුතුය. හුදු විධායක තීරණයක් මගින් අනාගතයේ ඇති විය හැකි ගැටලු රාශියකට මුහුණ දීමට අවශ්‍ය නීතිමය රාමුව සපයන්නේ නැත.
ඩිජිටල් හැඳුනුම්පත සාමාන්‍ය මහජනතාවගේ ජීවිත යහපත් කරන අතර නිසැකවම ව්‍යාපාර කිරීමේ පහසුව ඉදිරියට ගෙන යනු ඇත. කෙසේ වෙතත්, එහි පුරවැසියන්ගේ වඩාත්ම පෞද්ගලික තොරතුරු රජය විසින් අපයෝජනය කිරීමට ඉඩක් නොමැති බවට වග බලා ගත යුතු අතර ව්‍යාපෘතිය සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ආකාරයෙන් සිදු කළ යුතුය.