spot_img
spot_imgspot_img

රජයේ බදු වෙනත් ගිණුම්වලට දමනවාට වෘත්තීය සමිති විරෝධය දක්වයි

පුවත්

විදෙස්

රජය හඳුන්වාදෙන නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද හේතුවෙන් මෙතෙක් රජයේ ගිණුමට බැර වූ බදු මුදල් පුද්ගලික අධීක්ෂණයකින් පවතින ගිණුමකට බැරවීමේ අවදානමක් ඇති බව පවසමින් වෘත්තීය සමිති රැසක් හෙට (18) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවන බව පවසයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්ත‍මේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මෙලෙස විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබේ.

මත්පැන්, සිගරැට්, විදුලි සංදේශ සේවා, ඔට්ටු සහ සූදු බදු, කැසිනෝ බද්ද සහ වාහන බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ සහ සේවා බද්දක් ලෙස නම්කර අයකරගැනීමට රජය සැළසුම් කර තිබේ. ඒ සඳහා නව පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ අධීක්ෂණයෙන් විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම බදු මුදල් මෙතෙක් අයකරනු ලැබූ අතර ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

නමුත් රජය සැළසුම්කර ඇති මෙම නව බදු පනත් කෙටුම්පත මගින් රජයට එකතුවන බදු මුදල් පුද්ගලික අධීක්ෂණය යටතේ ඇති වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහයක් ඇතැයි ද වෘත්තීය සමිති චෝදනා කරයි.

එම නව බදු පනත් කෙටුම්පතට දැනටමත් වෘත්තීය සමිති රැසක් සිය විරෝධය දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!