ඉමදුව පොලිසිය විසින් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, වහාම පරීක්ෂණයක් පවත්වන්න යැයි ජනාධිපතිවරයාගේ ඔම්බුස්මන්වරයා විසින් දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මෙලෙස දැනුම් දී ඇත්තේ ඉමදුව 10 කණුව අසළ පිහිටි මාතරහේන වත්ත ඉඩමේ නිවැසියන් මැරයන් යොදා රාත්‍රී කාලයේ පැහැරගෙන ගොස් ඔවුන් සිටි නිවස බැකෝ යන්ත්‍රයක් යොදවා ඩෝසර් කර එම භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉමදුව පොලිස් ස්ථානාධිපිතවරයා නීතිය ක්‍රියාත්මක කර නැතැයි සඳහන් කරමිනි.
මෙම ඉඩම සම්බන්ධයෙන් ගාල්ල දිසා අධිකරණයේ අංක බී 180-70 දරණ බෙදුම් නඩුවක් තිබිය දී නඩුවේ එක් පාර්ශව කරුවකු විසින් එම ඉඩමට ඇතුළු වී නිවසේ සිටි කාන්තාවන් දෙදෙනකු, පිරිමි පුද්ගලයකු පැහැරගෙන ගොස් රඳවාගෙන නිවස ඩෝසර් කර තිබිනි. එමෙන්ම දේපළ සහ මුදල් කොල්ල කෑම සහ අපරාධයට අනුබල දීම යන චෝනා සම්බන්ධයෙන් ඉමදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුව ද ඔහු එසේ කර නැත.
මෙලෙස නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවී තිබිය දී Home Land නම් සමාගමක් විසින් එම ඉඩම සංවර්ධනය කර විකුණනන බවට දැන්වීම් ප්‍රචාරය කරමින් ඉඩම කැබලි කරමින් සිටියි.
එම කැබලි කිරීමට එරෙහිව ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න විසින් වාරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.
බෙදුම් නඩුවක් පවතින ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකර ඇති පුද්ගලයන් දැන දැනම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ඉමදුව ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් සිදුකර ඒ පිළිිබඳ 2022 ජනවාරි 15 වැනි දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති කාර්යාලයේ ඔම්බුස්මන් එස්.එම්.වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබේ.
මෙම ඉඩමට බලහත්කාරයෙන් ඇතුළුවීම සිදුවූයේ 2021-10-07 වැනි දින රාත්‍රියේ දී ය. ඒ පිළිබඳ අප විසින් පළකළ වාර්තාව මෙතැනින්.