ගාලු මුවදොර වෙරළ තීරයේ අද (09) කිඹුලකු සිටින ආකාරය බොහෝ දෙනකු විසින් දැක තිබිණි.
රත්මලාන සුනාමි නිවාස සංකීර්ණයක පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 03 වැනි දා දෙහිවල මුහුදේ දී කිඹුලකුගේ ප්‍රහාරයකට හසුව මියගියේය.
ඉන් පසු වනජීවී දෙපාර්තමේන්තුවෙන් කිඹුලා සොයා මෙහෙයුම් දියත් කළ ද එය සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් ඉන් පසු දිනක වැල්ලවත්ත ඇලේ කිඹුලකු දක්නට ලැබුණු අතර පසුව අද (09) ගාලු මුවදොර වෙරළේ කිඹුලෙක් නිරීක්ෂණය කළ හැකි වී තිබේ.
මෙලෙස දෙහිවල දී මිනිසකුට පහර දුන් කිඹුලා මෙරට සිටින කිඹුල් විශේෂ 02 අතරින් ගැට කිඹුලා නමැති විශේෂයේ සත්වයකි. ඔවුන් ලවණ මිශ්‍රිත ජලයට වැඩි කැමැත්තක් දක්වන බැවින් Saltwater Crocodile ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වයි.
කිඹුලන් එක් ගංඟා නිම්නයක සිට තවත් ගංඟා නිම්නයකට ගමන් කරන්නේ මුහුදෙනි. මේ නිසා කිඹුලන් මුහුදේ දක්නට ලැබීම අමුතු දෙයක් නොවේ.
ඒ සම්බන්ධයෙන් rata.lk පළකරන ලද සවිස්තරාත්මක ලිපියක් මෙතැනින්.



