කුලියාපිටියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඊයේ (19) රාත්‍රී වනවිට තවත් රෝගීන් 14 දෙනකු හඳුනාගැනීමත් සමඟ මෙම සංඛ්‍යාව වාර්තාවෙයි.
පසුගිය ඔක්තෝබර් 02 වැනි දා කුලියාපිටියේ පල්ලියක පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වූ පිරිස අතරින් මෙම ආසාදිතයන් සියලු දෙනා වාර්තා වී තිබේ.
මේ වනවිට කුලියාපිටියේ ඌරුපිටිය, ගයියාල, අන්නරුව සහ පල්ලෙවෙල යන ගම්මානවල සංචරණ සීමා පනවා ඇතැයි පොලිසිය පවසයි.
මෙම ආසාදිතයන් විවාහ උත්සවයෙන් පසු කුලියාපිටියේ වෙනත් පල්ලියක පැවැති ආගමික උත්සවයකට ද සහභාගී වී ඇති බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here