බණ්ඩාරවෙල සේනානායක මාවතේ පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමැති ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගලවා දැමීමට ඊයේ (23) කටයුතු කර තිබේ.
කෝවිලක් ලෙස හඳුන්වාදෙමින් තනි පුද්ගයකු විසින් පවත්වානෙ යන මෙම ස්ථානයේ ස්ථිරව සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර හේතුවෙන් ප්‍රදේශවාසීන්ට පීඩාවක් ඇති බවට පොලිසියට පැමිණිල කර වසර ගණනාවක් ගත වුව ද පොලිසිය නීතිය ක්‍රියාත්මක කර නැති බව අප rata.lk වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
“කාලි අම්මාට බය වූ බණ්ඩාරවෙල පොලිසිය නීති නොතකා ඉබාගාතේ යයි” යනුවෙන් අපි පසුගිය 20 වැනි දා මේ බව අනාවරණය කළෙමු.
එහි දී අප පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග, පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පොලිස් පනත යන නීතිමය කරුණු අනුව මෙම ස්ථානයේ ඇති ශබ්ද විකාශන උපකරණ ගලවා ඒවා ද සමඟ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවයි. පොලිසියට නඩු පැවරීමේ අවශ්‍යතාවක් නැත. සැකකරු සමඟ ශබ්ද විකාශන උපකරණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමේ බලය පොලිසියට ඇත. මෙය බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය සහ සහකාර පොලිස් අධිිකාරී බණ්ඩාරවෙල තේරුම් ගත යුතුය. එය අද කළ යුතු කාර්යයකි. හෙටට කල් තැබිය යුතු නැත.
එසේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමුව ද ඔහු අද (23) උදෑසන ද එම ස්ථානයේ සිට බෆල් යොදා ගනිමින් සුපුරුදු පරිදි ස්තෝත්‍ර, යාතිකා සහ ගීත විකාශය කරයි. එමෙන්ම කන් බිහිරි කරවන ඝණ්ඨා නාදයක් ද පවත්වයි.
එයට ද නීතිමය අවසරයක් නැත.
පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යතුය. ආගමික ස්ථාන හේතුවෙන් ජනතාවට විඳින්නට සිදුවන මේ සියලු හිරිහැරවලින් ජනතාව බේරාගැනීමේ වගකීම ඇත්තේ පොලිසියටය. කෙසේ වෙතත් නීතියෙන් අඩක් හෝ ක්‍රියාත්මක කරමින් බණ්ඩාරවෙල කාලිඅම්මා කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට කටයුතු කරන ලද බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියට අපගේ ප්‍රණාමය පිරිනමන අතර කෝවිලෙ භාරකරු එම විකාශන උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන තුරු පොලිසිය නීතිය ක්‍රියාත්මක කළා යැයි කිව නොහැකි බව ද අපි සිහිපත් කරමු.
පොලිසිය භාර සරත් වීරසේකර අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. පොලිසියට නීතියෙන් අඩක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සම්පූර්ණ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අපි අවධාරණය කරන්නෙමු.




