මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වසංගත රෝගග විද්‍යා ඒකකයේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පවසන්නේ මෙම රෝගීන් රෝහල් වෙත යොමුකළ බවයි. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරොධායන මධ්‍යස්ථානවෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.