ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙලෙස ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇත.
ඔවුන් සියලු දෙනාගේම පීසීආර් පරීක්ෂණ අද (19) දින පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.