-5.9 C
New York

rata.lk අනාවරණය ඵල දරයි. Oximeter පාලනයට රජය සැරසෙයි

Published:

ඖෂධ අළෙවි සැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් අළෙවිවන Finger tip pulse Oximeters සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

එම උපකරණ ප්‍රමිතියකින් තොර බවත් ඒවා හිතූ හිතූ ගණන්වලට අළෙවි කරන බවත් මෙරට මුල්වරට අනාවරණය කරන ලද්දේ rata.lk වෙබ් අඩවිය මගින් අ‍ගෝස්තු 20 වැනි දා ය. එම ලිපිය මෙතැනින්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර මිල පාලනයක් සිදුකිරීම පිළිබඳව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ. අමාත්‍යාංශය පවසන්නේ මෙම උපකරණ අළෙවිය සඳහා අවසර ඇත්තේ සමාගම් තුනකට පමණක් බවයි.

එසේ වුව ද ලියාපදිංචියක් නැති, ප්‍රමිතියකින් තොර උපකරණ විශාල වශයෙන් මෙරටට ගෙන්වා ඇති බව ඖෂධ නියාමන අධිකාරියට අනාවරණය වී තිබේ. එවැනි මීටර 3500ක් කොළඹ දී අත්අඩංගුවට ගත්බව ද එම අධිකාරිය පවසයි.

ප්‍රමිතියක් නොමැති ඔක්සි මීටර භාවිතා කිරීමෙන් නිවැරදි ප්‍රතිඵලයක් ලබාගැනීමට අවස්ථාවක් නැත. එමෙන්ම කොරෝනා ආරම්භයේ දී රුපියල් 1350.00කට අළෙවි කෙරුණු මෙම මීටර මේ වනවිට රුපියල් 8000.00 ද අළෙවි කරයි.

Related articles

Recent articles

spot_img