spot_img
spot_imgspot_img

Oximeters ජාවාරමට රැවටෙන්න එපා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන්ගේ සිරුරේ ඔක්සිජන් මට්ටම මැන බැලීමට යැයි පවසමින් අළෙවිකරනු ලබන Finger tip pulse Oximeters මේ වනවිට අළෙවි ජාවාරමක් බවට පත්ව ඇතැයි ඖෂධ වේදීහු කියති.

ඔවුන් පවසන්නේ කිසිදු ප්‍රමිතියකට නැතිව විවිධ පුද්ගලයන් විසින් ගෙන්වා ඖෂධහල්වල අළෙවි කිරීමට තබා ඇති මෙවැනි උපකරණවලින් සාර්ථක ප්‍රතිඵල අත්නොවන බවයි.

වෛද්‍ය විද්‍යාත්මක දත්ත ලබාගන්නා උපකරණ සඳහා රජයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වන අතර යම් මිනුමක් ලබාගන්නා උපකරණයක් නම් ඒවා බෙදාහැර ‍අළෙවි කිරීමට පෙර කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය ලබාගත යුතුය.

නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන තැතිගැන්මෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් විසින් කිසිදු ප්‍රමිතියක් නොමැති උපකරණ ගෙන්වා අධි මිලට විකුණන බව ඖෂධවේදීන් චෝදනා කරති.

කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ වෙළෙඳ පොළට පැමිණි මේ කුඩා උපකරණය රුපියල් 1750.00 සිට රුපියල් 2000.00ක් දක්වා මුදලකට අළෙවි කෙරිණි.

නමුත් මේ වනවිට රට පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමත්, ආසාදිත සහ නිරෝධායනය වන පුද්ගලයන් නිවෙස්වලම නවතා තැබීමත් හේතුවෙන් මෙවැනි උපකරණවලට දැඩි ඉල්ලුමක් ලැබී තිබේ. ඒ හේතුවෙන් මීට මාස දෙකකට පමන පෙර රුපියල් 2000.00 වඩා අඩු මුදලකට අළෙවි වූ එවැනි උපකරණ මේ වනවිට රුපියල් 6,500.00 – 8,000.00 ත් අතර මුදලකට අළෙවි කිරීමට පටන් ගෙන තිබේ.

නිවෙස්වල කිහිප දෙනකු සිටින විට ඇතැම් පුද්ගලයන් පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවට ම සරිලන පරිදි මෙවැනි උපකරණ මිල දී ගන්නා තත්වයක් ද උදා වී ඇත. ඒ එක් අයකු ආසාදනය වුවහොත් අනෙක් පුද්ලයන්ට එම උපකරණය භාවිතා කළ නොහැකි බැවිනි.

ඖෂධ අළෙවි සැල්වෙත මෙම ඔක්සිජන් මිනුම් උපකරණ ගෙනවිත් බෙදාහරිනු ලබන්නේ කිසිදු පිළිගත් සමාගමක් විසින් නොවන බවත් විදේශ රටවල සිට තොග වශයෙන් ගමන්මළුවල දමාගෙන එන උපකරණ එලෙස බෙදාහරින බවත් ඖෂධවේදීන් පවසයි.

එම උපකරණවලට ප්‍රමිතියක් නොමැති අතරම කිසිදු වගකීමේ සහතිකයක් ද නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!