ඔබ, හරකෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ලෝකයේ ම විද්‍යාඥයන් විසින් පවසා ඇති පෙති වර්ගයක් කොරෝනා මර්ධනයට සුදුසුයැයි එක්තරා ජාතික පුවත්පතක් සහ රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රචාරය කර තිබේ.
එම ජාතික පුවත්පත උපුටා දක්වමින් අද උදෑසන පත්තර වැඩහසටහක් මෙහෙයවූ මාධ්‍යවේදියා ඒ ඖෂධය වර්ණනා කළේ මෙරට ජනතාව හරකුන්, බූරුවන් සහ බල්ලන් යැයි සිතමින් විය යුතුය. කොරෝනා මෙරට ව්‍යාප්තවීම ආරම්භයේ සිට ම තම යූටියුබ් නාලිකාවේ විවිධ මිත්‍යා විශ්වාසයන් සහ ව්‍යාජ ඖෂධ ප්‍රචාරය කරමින් සිටින මේ මාධ්‍යවේදියා සහ එම මාධ්‍ය ආයතන දෙකම සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක ආචාරධර්ම පවා අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.
මේ පිළිබඳ පළමුවෙන් ම වාර්තා කරන ලද්දේ එක්තරා වෙබ් අඩවියක් මගිනි. ඉන්පසු ජාතික පුවතක් අද එම පුවත වාර්තා කර තිබේ. එය උපුටා දක්වන රූපවාහිනී නාලිකාවක් ද එම ඖෂධය කිසිදු විචාරයකින් තොරව වර්ණනා කරමින් ජනතාව නොමග යවයි.
ශ්‍රී ලංකාාවේ භාවිතා ඖෂධ නීති රීති අනුව කිසිදු මාධ්‍යයකට ඖෂධීය නාමයන් හෝ ඖෂධ සම්බන්ධ වෙළෙඳ නාම ප්‍රචාරය කිරීමට අවසරයක් නැත. එය යම් රෝගයකට සුදුසුයැයි යනුවෙන් දැන්වීමක් හෝ පළ කිරීම නීති විරෝධී කටයුත්තකි.
ඒ අනුව මෙම පළකිරීම් සිදුකළ පුවත්පත් ආයතනයත්, උදෑසන පත්තර කියවූ ආයතනයත් කර ඇත්තේ බරපතල වරදකි.
මෙම ඖෂධය සම්බන්ධයෙනි ඔවුන්ට තොරතුරු ලබා දී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්යවරයකු වූ අශෝක දංගොල්ල විසිනි. නමුත් මෙය සම්පූර්ණයෙන් ම වැරදි තොරතුරක් බව අන්තර්ජාලය ඔස්සේ මේ ඖෂධය පිළිබඳ විස්තර සෙවීමේ දී පැහැදිලි වෙයි.
ඒ පිළිබඳ අපි පසුගිය අගෝස්තු 25 වැනි දින ලිපියක් පළ කළෙමු. මේ එහි සබැඳියයි
මෙම ඖෂධය බල්ලන්, හරක් සහ අශ්වයන් යන සතුන්ට පණු රෝග සඳහා ලබාදෙන ඖෂධයකි. එබැවින් එය පානය නොකරන මෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසති.
නමුත්, මේ ඖෂධයෙන් කොරෝනා වැළැක්විය හැකියැයි ඇතිවූ මතයක් අනුව එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීමට අනුමත කර තිබිණි. ඉන් පසු එම සායනික පරීක්ෂණ අසාර්ථක වූ බැවින් ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය හෙවත් Food and Drug Administration (FDA) මෙම පුවත ගැන පසුගිය අගෝස්තු 21 වැනි දා පහත දැක්වෙන පරිදි twitter පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ “ ඔබ අශ්වයෙක් , එළදෙනක් නෙවෙයි. සීරියස්ලි. නවත්තපල්ලා ඕක.” යනුවෙනි.
එම පණිවිඩය පහතින්

මේ වනවිට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මේ ඖෂධය ප්‍රචාරය කරන පුද්ගලන් කොරෝනාවලින් වැළකීමට දිනකට එම පෙති තුනක් පානය කරන ලසෙ දක්වා ඇති බැවින් දැන් රට පුරා එයට දැඩි ඉල්ලුමක් හටගෙන තිබේ.
රුපියල් 100.00 ක් වැනි මුදලකට අළෙවි වූ මෙම තේත මෙරට මිට පෙර මාසයකට පෙති 1000ක පමණ ඉල්ලුමක් තිබූ බවත් දැන් එය මාසයකට පෙති 30,000ක් පමණ වී ඇති බව ඖෂධවේදීන් පවසයි.
වෙබ් අඩවියකින් ලබා දුන් ව්‍යාජ පුවතක් හේතුවෙන් මෙලෙස පෙත්තේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් දැන් එය තවත් ඉහළ යනු ඇති බවත් ඔවුහු පවසති.
අපි මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල අමතා විස්තර විමසුවෙමු.
ඔහු කියා සිටියේ මේ ඖෂධය කොරෝනාවලට සුදුසු බව රටවල් රැසක පිළිගෙන ඇති බවයි. නමුත් ඒ සඳහා කවර ආකාරයේ පර්යේෂණ පත්‍රිකාවක් ඇත්දැයි විමසූ විට මහාචාර්යවරයා අප සමඟ පැවසුවේ “ඉන්ටර්නෙට් බලන්න එතකොට හොයාගන්න පුළුවන් යනුවෙනි” නමුත් අන්තර්ජාලයේ එවැනි පිළිගත හැකි පර්යේෂණයක් අපට හමුවූයේ නැත.
තවද මේ ඖෂධය ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය හෙවත් Food and Drug Administration (FDA) විසින් මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු බවට දැනුම් දී ඇතැයි අප පැවසූ විට මහාචාර්ය දංගොල්ල ඒ බවක් දැන සිටියේ නැත.
ඔහු මෙසේ ද කීවේය.
“මෙහෙමයි, ඔය ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි රටවල් කවදාවත් හොඳටම සායනික පරීක්ෂණවලින් සනාථ නොවන බෙහෙතක් කවදාවත් මිනිස්සුන්ට නිර්දේශ කරන්නේ නැහැ. මේ බෙහෙතට සායනික පරීක්ෂණ කරලා නැහැ. ඒ නිසා එයාලා එපා කියනවා. නමුත් මේක හරි”
පශු වෛද්‍ය මහාචාර්යවරයකු වූ අශෝක දංගොල්ල හරකුන්ට සහ බල්ලන්ට දෙන මේ ඖෂධය මිනිසුන්ට සුදුසුයැයි පවසන්නේ කිසිදු පදනමක් නැතිවය. ඔහුට ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වාර්තාවක් හෝ නැත. එය ඔහුගේ මතයක් පමණි.
මාහාචාර්ය දංගොල්ල පවසා සිටියේ මේ ඖෂධය මීට පෙර මෙරට බරවා රෝගීන් සඳහා භාවිතා කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට කියා සිටියේ හරකුන්ට සහ බල්ලන්ට දෙන පණු බෙහෙතක් වූ එය කිසිම දිනක මෙරට ජනතාවට ලබා නොදුන් බවයි.
මෙම ඖෂධ්‍ය මිනිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ කළමනාකරණ ආයතනය මෙලෙස ලිපියක් ද පළකර තිබිණි.
එම ලිපිය – https://www.fda.gov/consumers/consumer-updates/why-you-should-not-use-ivermectin-treat-or-prevent-covid-19
එමෙන්ම එය භාවිතා කිරීමට අවසර ලබා දුන්නේ සායනික පරීක්ෂණ සඳහා පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
එම නිවේදනය – https://www.who.int/news-room/feature-stories/detail/who-advises-that-ivermectin-only-be-used-to-treat-covid-19-within-clinical-trials
එම ඖෂධය මිනිසුන්ගේ භාවිතයට සුදුසු නැතැයි දැනටමත් සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. ඒ බව සඳහන් කරමින් ලොව පුරා මාධ්‍ය ආයතන ලිපි පළකර තිබුණ ද අපේ රටේ මාධ්‍ය ආයතන සිදුකරන්නේ එවැනි ඖෂධ තවදුරටත් ප්‍රචාරය කරමින් මේ රටේ ජනතාව හරක් සහ බල්ලන් ලෙස සළකමින් කටයුතු කිරීමයි.