spot_img
spot_imgspot_img

බලු බෙහෙත් බී අමාරුවේ වැටෙන අපේ රටේ මිනිස්සු. වැරදි පුවතක් පසුපස ගිහින්

පුවත්

විදෙස්

බල්ලන්ට සහ අශ්වයන්ට ලබාදෙන පණු බෙහෙතක් කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා සුදුසුයැයි පවසමින් මෙරට එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත අසත්‍යයක් බවත් එම බෙහෙත් පානය නොකරන ලෙසත් වෛද්‍යවරු ඉල්ලා සිටිති.

මෙරට ප්‍රකට වෙබ් අඩවියක ‍එම පුවත පළකර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්යවරයකු එය පැවසූ බව සඳහන් කරමිනි.

බල්ලන්ට සහ අශ්වයන්ට පණු රෝග සඳහා ලබාදෙන මෙම ඖෂධය ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වසර ගණනාවක සිට භාවිතා කරන්නකි. රුපියල් 100.00ක් වැනි මුදලකට අළෙවි වන මෙම පෙත්ත මෙරට මීට පෙර අළෙවි වූයේ 1000ක් පමණ බවත් මේ වනවිට ඒ සඳහා ඇති ඉල්ලුම මාසයකට 30,000ක් පමණ වී ඇති බවත් ඖෂධවේදීන් පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ වෙබ් අඩවියක් මගින් ලබාදුන් ව්‍යාජ පුවත හේතුවෙන් මෙම ඖෂධය සඳහා ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි.  

එම වෙබ් අඩවියේ පවසා තිබුණේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වූ මෙම පෙති තුනක් එක් දිනකට ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමේ ප්‍රවණතාවය ස්ථිර වශයෙන්ම අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයාගෙන ඇතැයි යනුවෙනි.

ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය හෙවත් Food and Drug Administration (FDA) මෙම පුවත ගැන පසුගිය අගෝස්තු 21 වැනි දා පහත දැක්වෙන පරිදි twitter පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ “ ඔබ අශ්වයෙක් , එළදෙනක් නෙවෙයි. සීරියස්ලි. නවත්තපල්ලා ඕක.” යනුවෙනි.

https://t.co/TWb75xYEY4?amp=1

කෙසේ වෙතත් මෙරට සිංහල භාෂාවෙන් තොරතුරු සපයන වෙබ් අඩවිය මේ ඖෂධය ලබාගන්න එපා යැයි කියූ කරුණක් ලබාගත යුතු බවට වැරදි අර්ථයක් ලැබෙන පරිදි පරිවර්ථනය කරමින් පළ කළා ද යන්න අප දන්නේ නැත.

මෙම ඖෂධය මිනිසුන් විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ කළමනාකරණ ආයතනය මෙලෙස ලිපියක් ද පළකර තිබිණි.

එම ලිපිය – https://www.fda.gov/consumers/consumer-updates/why-you-should-not-use-ivermectin-treat-or-prevent-covid-19

එමෙන්ම අශ්වයන්ට, බල්ලන්ට හා හරකුන්ට ලබාදෙන මේ ඖෂධය භාවිතා කිරීමට අවසර ඇත්තේ සායනික පරීක්ෂණ සඳහා පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. එම ලිපියේ සඳහන් කර ඇත්තේ මෙය කොරෝනා සඳහා සුදුසු යැයි ඇතැමුන්ගේ මතයක් තිබූ බැවින් සායනික පරීක්ෂණයක් සඳහා අවසර දුන් බවයි.

එම ලිපිය – https://www.who.int/news-room/feature-stories/detail/who-advises-that-ivermectin-only-be-used-to-treat-kamalcovid-19-within-clinical-trials

මේ වනවිට එම ඖෂධය මිනිසුන් සඳහා සුදුසු නැතැයි සෞඛ්‍ය විශේෂඥයන් විසින් දැනුම් දී තිබේ. ඒබව සඳහන් කරමින් ලොව පුරා බොහෝ මාධ්‍ය ආයතන ලිපි පළකර තිබුණ ද අපේ රටේ එවැනි දැනුම්වත් කිරීමක් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!