-5.2 C
New York

ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති

Published:

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වී තිබේ.

මේ රැස්වීම සඳහා භික්ෂූන් වහන්සේලා 50ක පමණ පිරිසක් එක්ව සිටින බව අප මාධ්‍යවේදීහු කියති. එහි සිටින ගිහියන් පිරිස ද 10කට ආසන්නය. මෙවැනි සුළු පිරිසක් සමඟ මෙවැනි සංවාදයක් පවත්වා සමස්ත සම්බුද්ධ ශාසනයට ම බලපාන, රටේ සමස්ත ජන සංස්කෘතියට බලපාන පනතක් සම්මත කරගැනීම කොතරම් ප්‍රායෝගික ද යන්න පිළිබඳ මහා සංඝරත්නයම ප්‍රශ්න කරති.

කෙටුම්පත් කර ඇති ත්‍රිපිටක සංරක්ෂණ පනත අවම වශයෙන් සංඝයාවහන්සේලා සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව අතරට හෝ පත්කිරීමමට කටයුතු කර තිබුණේ නැත.

මෙම සංවාදය සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරු ද සහභාගීත්වය ප්‍රතික්ෂේප කර තිබිණි.

මහනායක හිමිවරු තම විරුද්ධත්වය ප්‍රකාශ කළ ලිපිය

Related articles

Recent articles

spot_img