-4.8 C
New York

සවුත්ලන්ඩ්ස් රැස්වීමට අවසර නෑ. 3,000ක් කැඳවූ රැස්වීම අවලංගුයි

Published:

නිරෝධායන නීති නොතකමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් විදයාලයේ පැවැත්විමට සූදානම් කර තිබූ ආදි ශිෂ්‍යා සංගමයේ මහ සභා රැස්විම නැවත දැනුම්දෙන තුරු අවලංගුකිරීමට පාසල් බලධාරීන් කටයුතු කර තිබේ.

මෙවැනි රැස්වීමක් ජූලි මස 31 වැනි දින පැවැත්වීමට සූදානම් කර ඇති බවත් එ් සඳහා සාමාජිකාවන් 3,000කට වැඩි පිරිසකට ආරාධනා කර ලිපි යැවීමට කටයුතු කර තිබෙන බවත් අපි පසුගිය 20 වැනි දා හෙළිදරව් කළෙමු.

(එම අනාවරණය මෙතැනින්)

එහි දී අප කියා සිටියේ සෞඛ්‍ය අංශවල අනුමැතිය නොමැතිව වැඩබලන විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්ගේ බලකිරීම මත මෙම රැස්වීම කැඳවා තිබූ බවයි. අප විසින් කරන ලද හෙළිදරව්කිරීමෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ සඳහා අවසර ගැනීමට විද්‍යාලයීය බලධාරීන් උත්සාහ ගත්ත ද එම අවසරය ඔවුන්ට ලබා දී නැත.

රැස්වීම සඳහා අවම වශයෙන් සාමාජිකාවන් 125ක් හෝ සහභාගී කරවීම සඳහා අවසර ඉල්ලා සිටිය ද අවසර දීමට හැකියාව ඇත්තේ සාමාජිකාවන් 50ක් සඳහා පමණක් බව සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීම හේතුවෙන් රැස්වීම අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තැපැල් කිරීම සඳහා ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට භාර දී තිබූ ආරාධනා ලිපි 1,000ක පමණ ප්‍රමාණයක් අද ආදි ශිෂ්‍යා සංගමයේ නිලධාරිනයක විසින් එහ‍ි ගොස් යළි රැගෙනවිත් තිබේ.

Related articles

Recent articles

spot_img