සවුත්ලන්ඩ්ස් රැස්වීමකට 3000ක් කැඳවයි. සියලු දෙනා නිරෝධායනයට යවන බව සෞඛ්‍ය අංශ කියයි

පුවත්

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ...

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්....

අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම...

“අතවරය නවතන්න”

ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආකාරයේ රැස්වීම් පැවැත්වීම හා මහජන හමු නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබිය දී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම‍යේ මහා සභා රැස්වීම පැවැත්වීම සඳහා එහි සාමාජිකාවන් 3000ක් කැඳවීමට සංගමයේ සම ලේකම්වරු කටයුතු කර තිබේ.

ඔවුන් විසින් ඒ බව දක්වමින් සෑම සාමාජිකාවකට ම ලිපි තැපැල් කරමින් තිබෙන අතර එහි දැක්වෙන්නේ ජූලි මස 31 වැනි දින උදෑසන 9.30ට ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවයි.

නිල බලයෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමයේ සභාපතිනිය වන වැඩබලන විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මෙම කැඳවීමේ ලිපියට අත්සන් තබා නැති අතර ඒ වෙනුවට මේනකා වික්‍රමතිලක නම් උප සභාපතිනියක් අත්සන් තබා ඇත. සම ලේකම්වරු ලෙස රූමනි ජයසේකර සහ උපුල්ශානි ගුණවර්ධන අත්සන් තබා තිබේ.

මෙහි එක් තැනක ‍දැක්වෙන්නේ  රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් චක්‍රලේඛනයට අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිින් මුලු ශාලා ධාරිතාවෙන් ¼ක පිරිසක් සහභාගී කරවාගැනීමට අදහස් කරන බවයි.

සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරය 500ක ආසන ධාරිතාවෙන් යුතු ශාලාවකි. එහි ¼ක් යනු 125ක පිරිසකි. එසේ නම් ආසන ධාරිතාව අනුව උපරිම 125ක පිරිසක් සමඟ රැස්වීම පැවැත්වීමට නම් 3000ක පිරිසකට ලිපි යැවීමට තරම් සම ලේකම්වරු සහ උප සභාපතිනිය කටයුතු කිරීම අමනෝඥ ක්‍රියාවකි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප මේ පිළිබඳ විමසූ වට දැනගන්නට ලැබුණේ මෙවැනි රැස්වීමක් සඳහා ‍සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය හෝ ආදි ශිෂ්‍යා සංගමය විසින් හෝ අවසරයක් ගෙන නොමැති බවයි.

එබැවින් මෙය නීති විරෝධී රැස්වීමක් බවත්, රැස්වීමක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් බවත් ඒ රැස්වීම් ද  කොරෝනා වසංගතය සම්බන්ධ හා අත්‍යාවශ්‍ය පරිපාලන රැස්වීම් පමණක් බවත් පැවසූ සෞඛ්‍ය බලධාරීන් මෙවැනි රැස්වීමකට පැමිණෙන සියලු දෙනාම නිරෝධායන පනත යටතේ නිරෝධායනයට යොමුකිරීමට සිදුවන බව ද පවසයි.

මෙලෙස ආදි ශිෂ්‍යා සංගමයේ මහ සභා රැස්වීමකට බව පවසමින් නීති විරෝධී ලෙස සාමාජිකාවන් 3,000ක පමණ පිරිසක් කැඳවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසීමට එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න ඇමතීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.

විද්‍යාලයේ ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ විදුහල්පතිනියගේ දැඩි වුවමනාවට මෙම රැස්වීම කැඳවන බවයි. ඊට ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් විරුද්ධත්වය ප්‍රකාශ කළ ද විදුහල්පතිනියගේ බලකිරීමට ලිපි යවා ඇති බව ද එම ප්‍රකාශිකාව සඳහන් කළාය.

එමෙන්ම මෙම ලිපියට වැඩබලන විදුහල්පතිනිය නිල බලයෙන් සභාපතිනිය ලෙස අත්සන් තැබිය යුතු වුව ද ඇය නීති විරෝධී ලිපියකට අත්සන් තැබීමෙන් වැළකී බළලුන් ලවා කොස්ඇට බා ගැනීමේ ප්‍රතිපත්තියක කටයුතු කරන බව ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශිකාවක අප සමඟ කියා සිටියාය.

අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම රැස්වීම පිළිබඳ දැනුම් දී ආදි ශිෂ්‍යා සංගමයේ රැස්වීමක් පැවැත්වීමට වසංගත තත්ත්වයක් තුළ අවසර ලැබෙන්නේ ද යන්න විමසූ විට අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු කියා සිටියේ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටුව රැස්වී අවශ්‍ය තීරණ ගැනීම කළ හැකි බැවින් මහ සභා රැස්වීම අත්‍යාවශ්‍ය නොවන බවයි. එමෙන්ම ආදි ශිෂ්‍යා කමිටුවට යෝජනා සම්මතයකින් සිය නිල කාලය දීර්ඝ කර ගැනීමට හැකියාව ඇති බැවින් වසංගත කාලයේ දී මෙලෙස රැස්වීම් පැවැත්වීම නීති විරෝධී බවත් ඒ පිළිබඳ අදාල බලධාරීන් දැනුම්වත් කර රැස්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දන්වන බව ද හෙතෙම අප සමඟ කී‍වේය.

සැ.යු.

(මෙම ලිපිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලකුට අගතියක් සිදුවන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන ඕනෑම පැහැදිලි කිරීමක් මීට සමාන ඉඩක් ලබාදෙමින් මෙහි පළකරන බව දන්වා සිටිමි.)

1 COMMENT

  1. මුන්ට හොඳ එකෙන් පිස්සු එච්චරයි කියන්න තියෙන්නේ, ගාල්ලටත් ලැජ්ජයි.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය...

කොරෝනා පිළිබඳ යථාර්ථයට මුහුණ දෙමු. බිහිසුණු ඇත්ත මෙන්න

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී වඩාත් අසීරු මට්ටමකට පත්වනු ඇති බව කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ආසාදන පාලන සහ කායික රෝග...

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි. කොළඹ සහ තදාසන්න...

ගුරු – විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකයි

විදුහල්පතිවරු, ගුරුවරු සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (02) වැනි දින සේවයට කැඳවා ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම උපදෙස් අනුව කටයුතු නොකරන...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01)...

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක...

ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු දෙනා හෙට සිට සේවයට කැඳවලා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමේ ‍චක්‍රලේඛය අනුව හෙට සිට කටයුතු කිරීම අවශ්‍ය බව...

කොලේ වසා ගහන “ත්‍රිපිටක පනත”. සම්බුද්ධ ශාසනයට වසර 2500යි. පාලනයට නීති හදන්නේ පැය 06කින්

මේ පිළිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටුයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ කෙටුම්පත් කරන ලද පනත භික්ෂූන්...

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ...

හූනියමක් කපන්නට ගිහින් තරුණියකට හා කතකට අතවර කළ කට්ටඩියෙක් අත්අඩංගුවට

නිවසක් ආරක්ෂාකිරීමට බව පවසමින් ශාන්තිකර්මයක් කිරීමට පැමිණ 19 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ කට්ටඩියකු අත්අඩංගුවට ගත් බව හාලිඇල...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: