-5.9 C
New York

rata.lk වෙත රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන අයුරු සොයන්න යැයි රෝහල් අධ්‍යක්ෂ පොලිසියෙන් ඉල්ලයි

Published:

rata.lk වෙබ් අඩවියට කාරාපිටිය ශික්ෂණ රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන ආකාරය සහ වෛද්‍යවරුන්ගේ විස්තර ලැබෙන ආකාරය පිළබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරයා කරන ලද එම පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අප වෙත දැනුම් දී ඇත.

විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනම යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්වී සිටින වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සිය ලිඛිත පැමිණිල්ල මගින් දක්වා ඇත්තේ තම ආයතනයේ අභ්‍යන්තරව හුමවාරුවන ලිපි ලේඛන සහ වෛද්‍යවරුන්ගේ තොරතුරු නීති විරෝධී ලෙස rata.lk වෙබ් අඩවියේ පළකරන බවයි. අභයන්තර රාජකාරී පැවරීම් ද, තමන් විසින් අභ්‍යන්තර නිලධාරීන්ට යවන ලද ලිපි ද මාධ්‍යවල පළකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් ඉල්ලා ඇත.

වෛද්‍යවරයාගේ එම පැමිණිල්ලට හේතු වී ඇති අප විසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපියක් ද පැමිණිල්ලට ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසියේ දැනුම්දීම මත මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අප කටයුතු කරන බවත් ඉන් පසු ඒ පිළිබඳ සියළු කරුණු rata.lk පාඨකයන් හමුවේ ඉදිරිපත් කරන බවත් මෙයින් දන්වා සිටින්නෙමු.

එම ලිපියේ සබැඳිය පහතින් දක්වා ඇත.

Related articles

Recent articles

spot_img