spot_img
spot_imgspot_img

කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා

පුවත්

විදෙස්

COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ‍ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කූඨ වැඩපිළිවෙලක නිරතව සිටිතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ‍චෝදනා කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක මෙවැනි කොරෝනා සහය මධ්‍යස්ථාන නමින් ඒකක පිහටුවා ඇති අතර ඒවායේ රාජකාරීවලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන බව දන්වා ඇත්තේ රජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල හොබවන ප්‍රබලයන් පිරිසකි.

ස‍ෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙමගින් කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොවන බවයි. එහි ස්වේච්ඡා සේවයට බව පවසමින් සාමාන්‍ය රාජකාරීවලින් ඉවත්ව කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා යැයි සැකසහිත රෝගීන් මඟහැර සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ නියෝජිතයන් අන් වෛදයවරු සිදුකරන කාර්යයන් සියල්ල පිළිබඳ තොරතුරු මෙම ඊනියා මධ්‍යස්ථානයට එකතු කරගනී. ඉන් පසු රෝහලේ සියලු කටයුතු තම සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුවන බවට වාර්තා සකසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ලකුණු දා ගැනීම ඔවුහු සිදුකරති.

කරාපිටිය ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියකින් වෛද්‍යවරුන් පිරිසකට එම බලය පවරා තිබේ. එහි දැක්වෙන්නේ රෝහලේ අත්‍යාවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මේ වෛවද්‍යවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවයි. මෙම කොරෝනා සහය මධ්‍යස්ථානයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද දැඩි විරෝධයක් මේ වනවිට එල්ල වී තිබේ.

වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් නිකුත් කළ ලිපිය පහත දැක්වෙන අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව පවසන වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය ද මෙහි දක්වා ඇත. එම ලේඛනය අනුව ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ නිලධාරීන් බව අවබෝධ කරගැනී සෞඛ්‍ය සේවකයන්ට අපහසු නැත.

මෙය වැඩ මඟහැර ලකුණු දා ගැනීමේ කුමන්ත්‍රණයක් බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති පෙන්වා දෙයි.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇතැයි යමකු සිතන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළි කිරීම් ද rata.lk වෙබ් අඩවියේ මීට සමාන ඉඩක් ලබාදෙමින් පළ කිරීමට අපි කටයුතු කරන බව ද දැනුම් දෙමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!