ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී නැති ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයකුට ගාල්ලේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් එන්නත ලබාගත හැකි බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (05) ගාල්ල උණවටුණේ දී ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි විසින් කොළඹ ඇතුළු පිටපළාත්වල පදිංචි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අප විසින් rata.lk වෙබ් අඩියේ කරන ලද අනාවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
(එම ලිපිය පහතින් සඳහන් කර ඇත)
එම කරුණු පැහැදිලි කිරීම සඳහා අද (06) උදෑසන අප වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඊයේ එන්නත්කරණය සිදුකරන ස්ථානයේ තමන් රැඳී සිටිය ද වසංගත රෝග වේදඥවරයාගේ කටයුතුවලට තමන්‍ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම එන්නත් මුදලට විකුණා නැති බවත් ඊයේ ගාල්ලට පැමිණි විවිධ ප්‍රදේශවල පදිංචි ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු 1000ක පමණ පිරිසකට එන්නත ලබාදුන් බවත් හෙතෙම කීවේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගාල්ලේ එන්නත් තොග ඉතිරිව ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට ගාල්ලෙන් එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බවයි.
වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“ගාල්ලට ලැබුණු එන්නත් වලින් අපි එන්නත් ලබාදුන්නේ දෙවැනි මාත්‍රාව දීමටත් ඉතුරු කරගෙන. ඒ නිසා අපිට තොග ඉතිරි වුණා. රටේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයකුට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තනම් දෙවැනි මාත්‍රාව ගැනීමේ හිමිකමක් තියෙනවා. අපිට ඒ අය පදිංචි කොතැනට ද මොන පළාතෙ ද මොනවද කරන්නේ කියලා අදාල නැහැ. අපිට කතා කරලා ආවොත් අපි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තු අයට එන්නත ලබාදෙනවා. ඒක ඔවුන්ගේ හිමිකමක්. මේ එන්නත් අපි හොර පාරේ යැව්වේ නැහැ. සල්ලිවලට විකුණලා නෑ. ඊයේ අපි 1000කට විතර එන්නත් දුන්නා. අදත් මේ එන්නත් දෙනවා. අපි ළඟ ප්‍රමාණවත් තොග තිබෙනවා.”
වෛද්‍ය ජීවරත්න එසේ කීව ද ගාල්ලේ ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු බොහෝ දෙනකු සිටිති. ඔවුන් මේ එන්නත් ලබාදීම සිදුකිරීම නීත්‍යානුකූලනම් ඒ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීමට තිබිණි. එමෙන්ම දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීමේ දී එය නොලැබුණු පිරිස් අතරින් වඩාත් අවධානම් කණ්ඩායම්වලට එන්නත් ලබාදීමට සැළසුමක් සකස්කිරීමට ද හැකියාව තිබිණි. එවැනි සැළැස්මක් තිබුණේ නැත.
වෛද්‍යවරයා කියන පරිදිම අද (06) දිනයේ උදෑසන සිට යළි ගාල්ල උණවටුනේ එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ. පැමිණ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ වාහන බව එහි සිටින පුද්ගලයෝ කියති. වෛද්‍ය ජීවරත්නගේ ප්‍රකාශය අනුව එය නිවැරදි කාර්යයකි. නමුත් ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙලෙස බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට පැමිණ ඇත්තේ කෙසේ ද ? ඒ සඳහා එන්නත් ලබාදීම යන කාරණයට සංචරණ අවසර පතක් නිකුත් කර තිබේ ද යන්න වෛද්‍යවරයාගෙන් විමසූ විට ප්‍රියන්ත ජීවරත්න කියා සිටියේ. “ඒ අය එන විදියට අපිට අදාල නෑ. එන අයට අපි එන්නත් ලබා දෙනවා.”
ඊයේ (05) ගාල්ලට පැමිණ එන්නත් ලබාගත් පිරිස අතර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය ද සිටි බව දැනගන්නට ඇත. එසේ වුව ද ගාල්ලේ පොලිස් ස්ථානවල සිටින කොරෝනා රෝගීන් නිරෝධායනයට යොමුකරන හා මියයන පුද්ගලයන් සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ කටයුතුවලට සහභාගීවන නිලධාරීන්ට පවා එන්නත ලැබී නැත.
එන්නත් ලබාගැනීමට එන යාපනයේ පුද්ලයකුට වුව ද එන්නත් ලබාදෙන බව වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පැවසීමෙන් අනතුරුව අපි ඔහුට සහ වෛද්‍ය වෙනුර සිංගාරච්චි යන දෙදෙනාට වෙනත් දුරකථන ඔස්සේ ඇමතුම් ගනිමින් එන්නත් ලබාගැනීමට හැකියාව ඇත්දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ අද (06) එන්නත් කිරීම නවතා දමා ඇති බවයි.
ඔවුන් එසේ කියනවිටත් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පැවතිණි. එම මොහොත වනවිටත් වාහන 50කට අධික ප්‍රමාණයක් උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට නවතා තිබිණි.
මෙම එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූවෙමු. එහි වගකිව යුතු නිලධාරීන් අද දිනයේ නොමැති බව පැවසූ අමාත්‍යාංශ ප්‍රකාශකයකු තොරතුරු සොයා බලා යළි අපවෙත ප්‍රකාශ කළේ මෙවැනි එන්නත් කිරීමක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිසේත්ම දැනුම්වත්ව නැති බවයි.
එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ල අවසන් වී ඇතිබව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන සිටි බවත් ගාල්ලේ එම එන්නතේ අතිරික්ත තොග ඉතිරිව තිබෙන බව කිසිසේත්ම නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය.
එසේ එන්නත් ඉතිරිව තිබේනම් ගාල්ල උණවටුනේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් රටපුරා සිටින ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු පිරිස්වලට ලබාදීමට පෙර එම තොග යළි අමාත්‍යාංශයට හෝ වසංගත විද්‍යා අංශයට යොමුකර නිසි ක්‍රමවේදයක් අනුව බෙදාදීම සිදුකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසන ආකාරයට එන්නත් ශ්‍රී ලංකාවේ යාපනයේ පදිංචි අයකුට වුව ද ගාල්ලට පැමිණ එන්නත් ලබාගැනීමේ පහසුකම ඇත්නම් සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේ දී එම එන්නත් ලබාගැනීමට හැකියාව ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන්කළ හැකි වාහන ඇති පුද්ගලයන්ට පමණි.
වෛද්‍ය ජීවරත්න පවසන පරිදි ඕනෑම අයකුට එන්නත් ලබාගැනීමේ හැකියාව ඒ හේතුවෙන් අහිමිවී යයි.
සැ.යු.
ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගයකුට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගත හැකි බව පවසයි. එබැවින් ඔබේ පහසුව සඳහා එම කාර්යාලයේ දුරකථන අංක පහත සඳහන්කර ඇත.
091-2234078
091-2234170
091-2223439
091-2248840
ගාල්ලේ උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව බස්නාහිිර පළාතෙන් පැමිණි පිරිස්වලට ලබාදුන් බවට අප විසින් පළ කළ ලිපිය පහතින්
මේ දුරකතක අංක වලට අද දින 8.30am – 9.00am අතර කාලයේ කරාම ඒම ආයතයේ සේවයෙදන මහත්මියක් පැවසුවේ අප එහෙම දෙයක් නොදන්නා බවය(ඇමතුම ලබා දුන් දුරකතන අංකය 0778584777)
මෙම තොරතුර කොතරම් ඇත්ද නැතද යන්න සිතගත හැකිය,,,,,,රජයේ නිලදාරීන් මේතරම් වංචනික දේවල් සිදු කරනවද?????
This is fake. Why rata.lk doing such things to mislead people.