spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

පුවත්

විදෙස්

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ පදිංචි විශාල පිරිසක් පැමිණ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිවිය.

මෙම එන්නත ලබාදීම සිදුකරන ලද්දේ ගාල්ලේ එන්නත් හොර පාරේ යැවීමේ චෝදනාවට කිහිප විටක්ම ලක්වුව ද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනුහසින් බේරී සිටින ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ‍වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි විසිනි.

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලැබිය යුතු නමුත් එය නොලැබුණු සෞඛ්‍ය සේවකයෝ ද ගාල්ලේ සිටිති. එසේ තිබිය දී

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඔහුගේ සමීපතම කිහිප දෙනකු පමණක් සහභාගී කරවාගනිමින් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිට ගාල්ලට පැමිණි තමන්ගේ හිතවතුන් රැසකට එන්නත් ලබාදුන්නේය. එන්නත් විදීම සිදුකරන ලද්දේ එම වෛද්‍යවරයා විසිනි. මේ අතර ගාල්ලේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනකු ද සිටියහ.

පැමිණි සිටි පිරිස අතරින් කිහිප දෙනකුගෙන් අප කළ විමසීම්වල දී ඔවුන් පැවසුවේ තම හිතවත් වෛද්‍යවරයකු වූ වෙනුර විසින් කරන ලද ආරාධනයකට අනුව ගාල්ලට පැමිණ තමන් ‍එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවයි.

අද උදෑසන සිට වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මෙම එන්නත් හොර පාරේ යැවීම සිදුකළ අතර කොළඹ සිට පැමිණි වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බව අප කවුරුන්දැයි නොදන් උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවකයකු අප සමඟ පැවසුවේය.

රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතිද්දී එන්නත් ලබාගැනීමට මොවුන් කොළඹ සිට ගාල්ලට පැමිණියේ කෙසේ ද යන්න ගැටලුවකි.

මේ ස්ථානයේ වසංගත රෝග වේදඥ වෙනුර කේ. සිංගාරච්චිට අමතරව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ද එම ස්ථානයේ සිටියේය.

මේ එන්නත් ජාවාරම ගැන සෞඛය ඇමති, සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනියගේ අවධානය යොමු විය යුතු බව අප සිහිපත් කරන අතර ර‍ජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ලේ ප්‍රබලකු මේ ආකාරයට නීති විරෝධී ලෙස එන්නත් ජාවාරමක් සිදුකිරීම පිළිබඳ ඔවුන්ගේ මතය ද දැනගැනීමට අපි කැමැත්තෙමු.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය, වෛද්‍ය වෙනුර සිංගාරච්චි හෝ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න විසින් මේ පිළිබඳ යම් පැහැදලි කිරීමක් කරන්නේ නම් එම පැහැදිලිකිරීම් ද මෙහි පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.

(මෙහි පහතින් දක්වා ඇති ඡායාරූපවල ඇත්තේ මේ ස්ථානයෙන් එන්නත් ගැනීමට පැමිණි රථවාහනවල ඡායාරූපයි)

වෛද්‍ය වෙනුර සිංගාරච්චි විසින්ම එන්නත ලබාදෙන ආකාරය

5 COMMENTS

  1. ඔය කෙනා මොන වරද කළත් පගාව දීලා ඒවා යට යවා ගන්නවා, විනිසුරුවරුන්ටත් පගාව දෙන්න උත්සාහ කළ කෙනෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ flying scode එකට තමයි නිතරම පගාව දෙන්නේ්

  2. ඇයි යකෝ, මේ මිනිස්සු ගහගත්තත් මොකද? මේ මිනිස්සුත් 2න්ඩ් dose එක ගහගන්න ඕන මිනිස්සු. ලංකාවේ මිනිස්සු. ආණ්ඩුවේ මෝඩ වැඩ නිසා අනාත වෙලා ඉන්නේ මිනිස්සු 2nd dose එක හොයාගන්න නැතුව. 250,000 කට ආපු vaccine එක, එක පාරට 500,000 දීල දැන් මිනිස්සු අමාරුවේ. උඹටත් මේ වගේ වාහන දැක්කම ඉරිසියා හිතෙනවද

  3. මම මේ ෆොටෝ ගහපු එකව දැක්කා ෆෝන් එකෙන් ගැ හූවේ.මට කියන්න තියෙන්නේ පරයෙක් මු.

  4. ප ලමු වැක්සින් ඵ්ක පවා පෝද්දල පුදෙශයට දීල නැහැ

  5. Kiyala wedak ne . Dostharage pavil vala mamala bapppala vithatk neme .okkoma hithavathuntath Astra senika second eka gahagena . Ekak ghuva api ova balan innve .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!