තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු රැස්වීමක දී අද (23) සම්මත කරගෙන තිබේ.
මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති අතර විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරන නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන එහි මුලසුන හොබවා තිබේ. මහින්ද විද්‍යාලයේ අයථා මුදල් ගනුදෙනු සහ දූෂණ වංචා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් ගණනාවක් සාධාරණ හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කළ පාසලේ තොරතුරු නිලධාරියා වන වැඩ ආවරණය කරන විදුහල්පතිවරයා එම ඉල්ලීම් සඳහා දැනුම් දී ඇත්තේ ඒවා ආදි ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලා සිටිය යුතු තොරතුරු බවයි. නමුත් එම සංගමයේ සභාපතිවරයා ද වන්නේ විදුහල්පතිවරයාය.
මෙම තොරතුුරු ලබාදීමේ හැකියාව පිළිබඳ අද (23) පැවැති රැස්වීමේ දී සාකච්ඡා කළ අවස්ථාවේ දී ආදි සිසුවකු වන නීතිඥ චලක ද සිල්වා පවසා ඇත්තේ එම තොරතුරු ලබාදීම අනවශ්‍ය බවයි.
තොරතුරු ඉල්ලා ඇත්තේ රජයේ වියදිමින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් සඳහා ආදි ශිෂ්‍ය සංගමයෙන් කරනු ලැබූ මුදල් පරිත්‍යාගයක් සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙනි. තොරතුරු පනත යටතේ ආදි ශිෂ්‍ය සංගමයේ ඊට අදාල ලේඛන පරීක්ෂා කිරීමට ද ඉල්ලා තිබිණි.
2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ පොදු අධිකාරියක් වූ මහින්ද විද්‍යාලයෙන් ඉල්ලන ලද තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කළේ කවර පදනමක් යටතේ ද යන්න නීතිඥ චලක ද සිල්වාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ තමන් රාජකාරීමය වශයෙන් ගන්නා ලද තීරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අකමැති බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.
2016 අංක 12 දරණ තොරතුරු පනත අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට මෙරට ඇති ඕනෑම පොදු අධිකාරියකින් තොරතුරු විමසීමේ අයිතිවාසිකමක් ඇති අතර එම අධිකාරිය තොරතුරු ලබාදීමට ද නීතියෙන් බැඳී සිටී. ඉහත නීතිඥවරයා එම තොරතුරු නොදෙන ලෙස ආදි ශිෂ්‍ය සංගමයට යෝජනා කළේ මෙරට ඇති පනතකට එරෙහිව යමින් බව අපි ඔහුට සිහිපත් කරන්නෙමු.
එමෙන්ම ශ්‍රී ලංකා රජයෙන් මුදල් වෙන්කර කරගෙන යනු ලබන කිසිදු ව්‍යාපෘතියකට වෙනත් ආයතන ව්‍යුහයක් මගින් මුදල් වෙන්කරන්නේ නම් ඒ සඳහා නිශ්චිත පිළිගත් ක්‍රමවේදයක් තිබේ. ඊට පටහැනිව සිදුකරනු ලබන ගනු දෙනු සහ පරිත්‍යාගයන් ඇත්නම් ඒ පසුපස මුදල් වංචාවන් තිබිය හැකිය යන්න පොදු පිළිගැනීමයි. මේ පිළිබඳ සොයා බැලීම සඳහා ඉහත තොරතුරු විමසා තිබේ.
මහින්ද විද්‍යාලයේ තොරතුරු නිලධාරියා වන විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරන නියෝජ්‍ය විදුහල්ති ගාමිණී ජයවර්ධන සහ ආදි ශිෂ්‍ය සංගමය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරුතරු නිලධාරීවරයා සමඟ සාකච්ඡා කළ විට ඔහුගේ උපදෙස එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට මහින්ද විද්‍යාලයේ තොරතුරු නිලධාරීවරයාට හෝ ආදි ශිෂ්‍ය සංගමයට කිසිදු අවකාශ්‍යක් නොමැති බවයි. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියාට පිටපත් සහිතව ඒ පිළිබඳ තොරතුරු කොමිසමට පැමිණිලි කරන ලෙස ද ඔහු කියා සිටියේය.