ඩේලි නිවුස් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 60 හැවිරිදි වියේ පසුවිය.
රුධිරගත පිළිකා රෝගයකින් වසර දෙකක් පමණ පීඩා විඳි ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය. කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපති සේවයේ ද කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයකු ලෙස ද බන්දුල ජයසේකර මහතා කලක් සේවය කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කළක් කටයුතු කළේය.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල දිවි ගමන නිමා කරයි
