spot_img
spot_imgspot_img

රූමස්සල විනාශයට එරෙහිව පරිසර අධිකාරියට පැමිණිල්ලක්

පුවත්

විදෙස්

“ගාල්ලේ හදවත අනතුරේ රූමස්සල අභයභූමිය වනසන්න ඉඩ නොදෙනු” යනුවෙන් පරිසර සංවිධාන එකමුතුව විසින් ඊයේ (02) ගාල්ල නගරයේ දී බැනරයකට මහජන අත්සන් ලබාගත් අතර අද (03) රූමස්සල සිදුවන විනාශය පිළිබඳ මධ්‍යම පරිසර අධිිකාරිය දැනුම්වත් කිරීමේ ලියවිල්ලක් සහ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

රූමස්සල විනාශයට එරෙහිව ගාල්ල නගරයේ ජනතාව ඉතා විශාල පිරිසක් දැඩි උනන්දුවකින් ස්වේච්ඡාවෙන් ම තම අත්සන තබන ආකාරය දක්නට ලැබිණි.

උණවටුන රූමස්සල අධිසංවේදි පරිසර කලාපය තුලින් රූමස්සල පීල්ල හංදියේ සිට යද්දෙහිමුල්ල දක්වා දිවෙන අඩිපාර නිතී විරෝධී සහ බලහත්කාරී ලෙස පුළුල් කිරීමත් දුර්ලභ ගස් වැල් බෙහෙත් පැලෑටි කපා විනාශ කර ගිනි තැබිමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරිණි.

ඒ සඳහා සුරකිමු රූමස්සල ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලාල් ගමගේ, රුහුණ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ, ජීවය සුරකිමු පරිසර එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු සංජය ධනුෂ්ක, නීතිඥ රූපසේන කොස්වත්ත සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු උපදේශකයකු වන අශාන් මෙන්ඩිස් සහ සුරකිමු රූමස්සල කමිටු සාමාජික සමන්ත සිරිවීර යන පිරිස සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!