spot_img
spot_imgspot_img

ජනාධිපති කොමිසමෙන් අධිකරණයට අපහාසයක් වූවාදැයි සොයන ලෙස ඉල්ලති

පුවත්

විදෙස්

දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි  ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද (01) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.

නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.

2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති.

අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාවේ නිර්දේශ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය බලය, ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නැවත සළකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වාදි තිබේ.

ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!