spot_img
spot_imgspot_img

පොලිස් ජීප් රියේ ගැටුණු 02ක් මරුට

පුවත්

විදෙස්

රඹාවැවි නාරම්මල මාර්ගයේ කටුමුලුවේ දී පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (28) දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. අනතුරට ලක්ව ඇත්තේ කටුපොත පොලිසියේ ජීප් රථයකි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරා (40) සහ ඔහුගේ නැන්දණිය (65) හැවිරිදි කාන්තාවකි. ඔවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනුරාධපුරය දක්වා යමින් සිටිය දී අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාලා ලැබූ කාන්තාවක් සහ වයස අවුරුදු 10 සහ 15 වූ දරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට යවා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ජීප් රථය පැදවූ රියදුරු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. පොලිස් ජීප් රථය රඹාවැව සිට ක‍ටුපොත දෙසට ධාවනය කරමින් සිටි බවත් වරෙන්තුකරුවකු ‍රැගෙන පොලිසියට යමින් සිටිය දී අනතුරට ලක්ව ඇති බවත් අනාවරණය වී ඇත. ජීප් අරථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනා සහ අත්අඩංගුවට ගෙන සිටි වරෙන්තුකරු ද තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!