වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් එය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත්කරන බව ලොහාන් රත්වත්ත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර දැනට වැලිකඩ බන්ධනාගාරය ඇති ඉඩම පිළිබිඳ චීනයේ අවධානය යොමුව ඇති බැවින් මෙවැනි තීරණයක් ගෙන ඇතැයි සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍යයට අදහස් දක්වමිනි. අමාත්‍යවරයා පවසන්නේ දැඩි තදබදයක් සහිතව කොළඹ නගර මධ්‍යයේ පවතින වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමෙන් එහි තදබදය අඩුකරගත හැකි බවයි.
“මෙරට භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස බන්ධනාගාරයට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් සාදා නිමකරනවා. මා බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි.”
මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක දී ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා කියා තිබුණේ අක්කර 48ක විශාලත්වයකින් යුතු වැලිකඩ බන්ධනාගාරයේ ඉඩමට ඉහළ වාණිජ වටිනාකමක් සහිත බැවින් එය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ අදාල ඉඩම චීන සමාගමකට පැවරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති බැවින් වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් මෙම ඉඩම හිස් කිරීමට මේ වන විට කටයුතු සකස් කරමින් සිටින බව එම සංගමය පවසයි.