spot_img
spot_imgspot_img

ගාලු කොටු දොරටුව මාසයකට වසා දමයි

පුවත්

විදෙස්

ගාල්ල කොටුවේ ඉදිරිපද බැම්ම මධ්‍යයෙන් ඇති කොටු දොරටුව ‍මාර්තු මස 01 වැනි දා සිට මාසයක කාලයක් වසා දමන බව ගාලු උරුමය පදනම පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ගාල්ල කොටුවේ ක්‍රියාත්මකවන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ඉදිරිපස බැම්මේ මැදින් කොටුවට ඇතුළුවීම සඳහා සකසා ඇති ආරුක්කව සංරක්ෂණය කිරීමට කටයුතු කරන බැවිනි. ලන්දේසීන්ගේ පාලන කාලයේ දී ඉදිකරන ලද මෙම බැම්මේ කොටුවට ඇතුළුවීම සඳහා තිබුණේ බාලදක්ෂ මාවතේ ඇති පැරණි කොටු දොරකොඩ පමණි. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත්විජිතයක් බවට පත්කර ගැනීමෙන් පසු මෙම බැම්ම මැදින් කඩා මැද කොටු දොරටුව ඉදිකර තිබේ. ඉන් පසු මෙය ප්‍රධාන දොරටුව ලෙස සැළකිණි.

කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ එහි ඇති ආරුක්කු රැසක් සංරක්ෂණය කරනු ලබන අතර මෙම ආරුක්කුව ද ඊට ඇතුළත්ය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රධාන ආරුක්කුවේ ස්ථාන කිහිපයකින් ම වැසි ජලය කාන්දුවන බවයි. එබැවින් මාර්තු 01 වැනි දා සංරක්ෂණ කටයුතු ආරම්භ වන අතර ආරුක්කුවේ පහළින් මුක්කු ගසා ඉහළ ඇති පස් තට්ටුව ඉවත් කර ආරුක්කුවේ ඉහලට සංරක්ෂණ බදාම ස්ථරයක් යොදා යළි වසා දැමීමට නියමිතය. මෙම දොරටුව ඉදිකිරීමෙන් පසු මෙතෙක් එවැනි සංරක්ෂණයක් සිදුකර නැත.

එම මාසයක කාලයේ දී කොටුවට ඇතුළුවීම හා පිටවීම සඳහා භාවිතා කළ හැකිවන්නේ බාලදක්ෂ මාවතෙන් ඇතුළුවිය හැකි පැරණි කොටු දොරටුව පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!