කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ඉවත්කිරීමේ දී භූමදානයට අවසර ලබාදෙන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව තම නිර්දේශයේ වෙනසක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබිය දී යළි අද (25) විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ කැඳවීමකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද සහභාගී වන බව දැනගන්නට ඇත. විශේෂඥ වෛද්‍ය ජෙනිෆර් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් විසින් මළ සිරුරු භූමදානය කළ හැකි යැයි නිර්දේශයක් ලබා දී තිබුණ ද තාක්ෂණික කමිටුවේ තීරණය වූයේ මළ සිරුරු ආදාහනය පමණක් කළ යුතු බවයි.
එසේ අවසන් තීරණ්‍ය දැනුම් දී තිබිය දී යළි හදිසියේ ම එම කමිටු දෙකම සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත. ජෙනිරේ පෙරේරාගේ කමිටුවේ සාමාජිකත්වය දරා ඉන් ඉවත් වූ සාමාජිකයන් ද කැඳවා ඇතැයි වාර්තා වේ.
ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාව සඳහා මුස්ලිම් බහුතරයක් සහිත රටවල් 08ක ඡන්දය ශ්‍රී ලංකාවට පක්ෂව ලබාගැනීමටනම් මළ සිරුරු භූමදානයට අවසර දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ. මෙම රැස්වීම කැඳවීමේ හදිසි අවශ්‍යතාව වී ඇත්තේ එයයි.
ඒ අනුව අද (25) සවස් වනවිට මළ සිරුරු භූමදානය සඳහා අවසර ලැබීම සිදුවනු ඇතැයි අධිිකරණ වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරු පවසන්නේ සිරුරු භූමදානය සඳහා අධිිකරණ වෛද්‍යවරු කිසිසේත්ම එකඟ නොවන බවයි. තම විරෝධතාව ප්‍රකාශ කළ ද අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති බව ද ඔවුහු කියති.