කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභා සීමාවේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කළ බව නගරාධිපතින රෝසි සේනානායක පවසයි.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සෞඛය අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි. නගරාධිපතිනිය පවසන්නේ හැකි ඉක්මණින් කොරෝනා එන්නත කොළඹ මහ නගර සභාවේ පදිංචිකරුවන් වෙත ලබාදීමට සැළසුම් කර ඇති බවයි.
එම මධ්‍යස්ථාන පහත සඳහන් පරිදි පිහිටුවා ඇත.
- කාක දූපත – කොළඹ 15
- බණ්ඩාරනායක මාවත මාතෘ නිවාසය – කොළඹ 12
- පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණය – කොළඹ 10
- කැම්බල් උද්‍යානය – කොළඹ 08
- මහජන පුස්තකාලය – කොළඹ 07
- ටොරින්ටන් මහල් නිවාස – කොළඹ 05
- ඇන්ඩර්සන් මහල් නිවාස – කොළඹ 05
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – වැල්ලවත්ත කොළඹ 06
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසන්නේ කොළඹ දී පුද්ගලයන් 450,000ට එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි. මෙම එන්නත ලබාගැනීම සඳහා ප්‍රදෙශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මාර්ගයෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත පැමිණ හෝ ලියාපදිංචි විය යුතු බව ද හෙතෙම පැවසීය.