කොරෝනා ළමා විවාහ වැඩිකරයි

0
66

ලෝකයට දරුණු ව්‍යසනයක් සිදුකළ කොරෝනා වසංගතය හේතුවෙන් 2025 වනවිට ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකි බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.වසංගතය හේතුවෙන් දරිද්‍රතාවය වැඩිවීම නිසා මෙම තත්ත්වය උදාවන බවත් පාසැල් යෑමට නොහැකි වන ගැහැණු දරුවන් රැකියාවකට හෝ විවාහයට බලකෙරෙනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් වසර 25ක් තිස්සේ ලබාගත් ප්‍රගතිය ආපසු හැරවීමක් සිදුවන බවයි.දකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සමහර ප්‍රදේශ වල ගැහැණු දරුවන් වඩාත් අවදානමට ලක්වියහැකි කොට්ඨාශ ලෙස හඳුනාගෙන තිබේ.අඩුවයසින් විවාහ වීම හේතුවෙන් ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර මානසික අවපීඩනය, ප්‍රචණ්ඩත්වය, ආබාධිත බව හෝ සමහරවිට මරණය පවා උරුම වන බවද ඔවුහු  පවසති.පසුගිය වසර 25 තුළ ළමා විවාහමිලියන 78.6ක් පමණ වළක්වා ගැනීමට හැකිවී ඇතත් මේ වනවිට එහි ප්‍රගතිය නතර වී ඇතැයි ළමා ආරක්ෂණ උපදේශක ෆ්ලැනගන් පැවසීය.මේ සම්බන්ධව අවධානය යොමු නොකළහොත් 2025 වනවිට ළමා විවාහ මිලියන 61ක් පමණ සිදුවිය හැකි බවද ඇය පවසයි.2020 වර්ෂයේදී පමණක් ලොවපුරා අළුතින් ළමා විවාහ 500,000ක් පමණ සිදුවිය හැකි බවත් තවත් මිලියනයක් පමණ ගැබ්ගැනීම් වලට ලක්විය හැකි බවත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here