spot_img
spot_imgspot_img

කොරෝනා සිරුරු ආදාහනය කිරීමේ තීරණයේ වෙනසක් නෑ

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත වී මියයන පුද්ලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් ‍නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව කොරෝනා මළ සිරුරු භූමදාන කිරීමට හැකි බවට මෙතෙක් කිසිදු නිර්දේශයක් ලබා දී නැති බැවින් මීට පෙර තිබූ නිර්දේශ ක්‍රියාත්මක කරනු ලබන බවයි. එම විද්වත් කිමටුව නිතර රැස්වී කොවිඩ් 19 ආසාදිත මෘත දේහවල අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු සොයා බලන බව පවසන නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෘත දේහ භූමදානය කළ හැකි බවට එම කමිටුව නි‍ර්දේශ ඉදිරිපත් කළහොත් පමණක් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන බව ද විශේෂඥ වෛද්‍ය හේරත් පවසයි.

“මහාචාර්ය ජෙනිෆර් පෙරෙරාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළේ කො‍රෝනා ආසාදිත මෘත දේහවල අවසන් කටයුතු සිදුකිරීමේ දී ක්ෂුද්‍ර ජීවී අංශයෙන් ගතයුතු නිර්දේශ ලබාගැනීමේ අරමුණින්. එම කමිටුවේ නිර්දේශය කවරක් වුවත් දැනට ක්‍රියාත්මක ආදාහන නීතිය වෙනස් කරන්නේ නම් එහි දී සළකා බැලෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරු ඉවත්කිරීම සම්බන්ධයෙන් තීරණය ලබාදීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය පමණයි.” යැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් කී‍වේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!